වොයිස්කට් සාදුට එරෙහිව : අලි සබ්‍රි තහනම් නියෝගයක් අරගෙන !

වොයිස්කට් සාදුට එරෙහිව : අලි සබ්‍රි තහනම් නියෝගයක් අරගෙන !

ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි සම්බන්ධව අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම වළකා කොළඹ දිසා අධිකරණය ඊයේ (28) මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමිට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

ඒ දින 14 ක කාල සීමාවකට මෙම තහනම් නියෝගය බලපැවැත්වෙන අතර  නඩුව යළි ජූනි මස 11 වැනිදා කැදවීමට නියම කර ඇති බවත් වාර්තා වෙයි.

එසේම කොළඹ දිසා අධිකරණය පිස්කල් නිලධාරීන් මාර්ගයෙන් අදාල නියෝගය ඊයේ දිනම මැඩිල්ලේ හිමියන් වෙත භාර දුන් බවත් වාර්තා වේ.

ඉදිරි මහ මැතිවරණය සඳහා 'පොහොට්ටු' පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති ජාතික ලයිස්තුවේ ඉහලින්ම සිටින අයකු වන ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම උපදේශකයෙකි.

කෙසේවුවද රාජපක්ෂ පාලනයට සහය දක්වන හිමිවරුන් කිහිප නමක් පසුගිය දින කිහිපයේම මාධ්‍ය සාකච්ජා පවත්වමින් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රිට එරෙහිව සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කරනු ලැබුහ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න