තොණ්ඩමන්ගේ අනුප්‍රාප්තිකයා මැතිවරණ - නිරෝධායන නීති කඩලා !

තොණ්ඩමන්ගේ අනුප්‍රාප්තිකයා මැතිවරණ - නිරෝධායන නීති කඩලා !

ලංකා කම්කරු කොංග‍්‍රසයට ආරුමුගම් තොන්ඩමන් වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරයේ මැතිවරණ කොට්ඨාස ගණණාවක් ඔස්සේ විවෘත රථයක නැගී ගමන් කරමින් මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීති ද අමුඅමුවේ උල්ලංඝනය කරද්දී බලධාරින් නිහඩව සිටීම කණගාටුවකට කරුණකැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක  පැවැසීය.
 
මැතිවරණ කොමිෂන් සභාවක් පවතින්නේ දුටු තැන එරෙහි වීමට මිස පැමිණිලි එනතුරු බලාසිටීමට නොවේ යැයි ද හෙතෙම සදහන් කළේය.
 
ඉකුත් මාර්තු දෙවැනිදා සිට තවමත් පවතින්නේ මැතිවරණ පූර්ව ප‍්‍රචාරක සමයක් යැයි පෙන්වා දුන් ගජනායක මහතා ඊට අමතරව නිරෝධායන නීතිය ද තදින් ක‍්‍රියාත්මක කරන බවත් චිටරයේ දුරින් නොසිටියේ නම් සිරගත කරන පව කියන පොලිසිය පවා නිහඩව අසරණ වී බලා සිටි බව පෙනී යන්නේ යැයි ද මංජුල ගජනායක  කියා සිටියේය.
 
දැන්වත් නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ නම් ඉදිරියේ දී පොලිසියට හෝ මැතිවරණ කොමිෂන් සභාවට මේ අපේක්ෂකයන් පිරිස පාලනය කළ නොහැකි වන බවද ඔහු  පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න