තොණ්ඩමන් ඇමතිගේ අවසන් කටයුතු හෙට (31) : කවුරුත් බලාසිටි නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එයි !

තොණ්ඩමන් ඇමතිගේ අවසන් කටයුතු හෙට (31) : කවුරුත් බලාසිටි නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එයි !

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු හෙට(31) රාජ්‍ය ගෞරව සහිතව හැටන් නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිය.

ඊට පෙර    දේහය හෙට කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානය වෙත ගෙන යාමට නියමිත බවත් වාර්තා වෙයි.

ඊයේ(29) කොළඹ සිට ගුවන් මඟින් රැගෙන ගිය දේහය මේ වන විට කොත්මලේ, රම්බොඩ, වැවන්ටන් වත්තේ සිය නිවසේ තැන්පත් කර තිබේ.

මේ අතර තොණ්ඩමන් අමාත්‍යවරයා ගේ අවමංගල්‍ය ආශ්‍රිතව  නිරෝධායන නීති මුළුමනින්ම උල්ලංඝණය වූ අතර ඒ සම්බන්ධව සියළු වගකිවයුතු පාර්ශ්ව මුණිවත  රකිමින් සිටියේය.

මේ හමුවේ රටම බලාසිටි හාස්‍යජනක නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් ඉදිරිපත් කර ඇත.

ඒ තොණ්ඩමන් අමාත්‍යවරයා ගේ අවසන් කටයුතු රජය පනවන ලද නීති වලට අනුව සිදුකරන ලෙස දැනුම් දෙමින්ය.

කොවිඩ් මර්දනයට අමතරව විහිළු සැපයීමේ නිවේදන නිකුත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයට !

ඒ අනූව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.


තොණ්ඩමන් අමාත්‍යවරයාගේ  අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව හෙට  (31) පස්වරුවේ කොටගල, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සීමිත පිරිසක් සහභාගී කරවා ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව ‍තොණ්ඩමන් අමාත්‍යවරයාගේ  පවුලේ සාමාජිකයින්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට ද දන්වා යවා ඇතැයි වාර්තා වේ.

තොණ්ඩමන් මහතාගේ අවසන් සිදුකෙරෙන නෝර්වුඩ් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් සහභාගී කරවාගැනීමට යන බවට ලැබී ඇති ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇති බවත් සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න