සහල් ඒකාධිකාරය ඉස්සරහ ආණ්ඩුව දණ ගැහුවා : විදුර ප්‍රසිද්ධියේ පිළිගනියි !

සහල් ඒකාධිකාරය ඉස්සරහ ආණ්ඩුව දණ ගැහුවා : විදුර ප්‍රසිද්ධියේ පිළිගනියි !

වත්මන් රජය සහල් ඒකාධිකාරිය ඉදිරියේ දණ නැමූ බවත් එනිසා රජය අසමත් බව අකමැත්තෙන් වුවද තමන් පවසන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක විදුර වික්‍රමනායක සඳහන් කරයි. 

හොරණදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටි අතර අද මෙරට ගොඩනැඟී ඇති සහල් ඒකාධිකාරිය කොතරම් බලවත්දැයි කිව්වොත් ආණ්ඩුවට පවා ඒ ඉදිරියේ දණ නමස්කාර කිරීමට සිදුව තිබෙන බවද පැවසීය.

නමුත් ඊට  තවදුරටත් ඉඩ දිය නොහැකි බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එසේ වුවහොත් මෙම සහල් ඒකාධිකාරය මැඩලීමට හැකිවනු ඇති බවද ඔව් සඳහන් කර සිටියේය.

දැනට මාස එකහමාරකට දෙකකට කලින් සහල් සඳහා එක මිලක්ද ඊට ඊට පසු තවත් නව මිලක්ද අද තවත් මිලක්ද පනවා ඇති නිසා රජය අසමත් වී ඇති බවත් ඔහු පැවසීය.

(මූලාශ්‍රය සී නිව්ස් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න