මහ ජන්දයට ගොඩනැගිළි නෑ !

මහ ජන්දයට ගොඩනැගිළි නෑ !

සමාජ දූරස්ථකරණ නීති අනුගමනය කරමින්, මැතිවරණය පැවැත්වීමේදී සැලසුම් කළ සංඛ්‍යාවට වඩා වැඩි ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණයක් අවශ්‍ය වීමේ ඉඩකඩක් තිබෙන බවත් ඡන්ද මධ්‍යස්ථාන සඳහා ගොඩනැගිලි සපයාගැනීම අභියෝග යක් වී තිබෙන බවත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී දිසානායක කීය.

සාමාන්‍යයෙන් ඡන්ද මධ්‍යස්ථානයකදී විනාඩියකට ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ ඡන්දදායකයන් 2.3ක් ලෙස සලකමින් ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව තීරණය කරන නමුත්, අත් සේදීම ඇතුළු කටයුතු කරමින් ඡන්දය පැවැත්වීමේදී එම ඡන්දදායකයන් සංඛ්‍යාවට එම වේගයෙන් ඡන්දය ලබාදීම සිදුකළ හැකිද යන්න ගැටලුවක් වී ඇති බව ඔහු කීය.

උතුරු කොළඹ වැනි ජන ඝනත්වයෙන් වැඩි නාගරික ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීම සාමාන්‍ය තත්වයකදී වුව අභියෝගයක් බව ඔහු කීය.

ඇතැම් තැන්වල තාවකාලික ඉදිකිරීම් පාවිච්චි කරමින් ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන නමුත්, තාවකාලික ඉදිකිරීම් සඳහා පවා ඉඩ පහසුකම් සපයාගත හැකිවේද යන්න අභියෝගයක් බව ඔහු කීය.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කණ්ඩායමක් හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පැවැත්වීම සඳහා මාර්ගෝපදේශ සකස් කරමින් සිටින බවත්, එම කණ්ඩායම වරින් වර මැතිවරණ දෙපාර්තමේන්තුව වෙත කරුණු සැපයීම සිදුකරන බවත් ඔහු කීය.

ඒ අනුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද එම කරුණු පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ඔහු පෙන්වාදුන්නේය.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න