ආර්ථික නෑම ඉවර නෑ : ත්‍රී පෝෂ කම්හල වැහුණේ පාලන මිල හරස් වෙලා !

ආර්ථික නෑම ඉවර නෑ : ත්‍රී පෝෂ කම්හල වැහුණේ පාලන මිල හරස් වෙලා !

බඩඉරිඟු ලබාගත නොහැකි වීම හේතුවෙන් ජාඇල ත්‍රීපෝෂ කම්හල මුළුමනින්ම වසා දමා ඇතැයිද එ හේතුවෙන් එහි සේවය කළ සේවකයන් 300කට ආසන්න පිරිස මේ වනවිට නිවෙස්වල රැඳී සිටිතැයිද වාර්තා වේ.

මෙම තත්වය සති තුනක් තිස්සේ පවතින බවත් එහි සේවකයෝ කියති.

මැයි මස මුල් සතියේ බඩඉරිඟු සදහා රුපියල් 55ක පාලන මිලක් නියම කිරීමට ආණ්ඩුව පියවර ගත් අතර නමුත් ත්‍රීපෝෂ කම්හල ඒ වනවිට ත‍්‍රිපෝෂ ආයතනය ටෙන්ඩර් කැදවා මිලදී ගනිමින් තිබුණේ රුපියල් 58 බැගිනි.

පාලන මිල නියම කිරීමත් සමග එම මිලට ගැලපෙන පරිදි ටෙන්ඩර් කැදවීමට ආයතනයට යළි සිදුවූ අතර මේ වනවිට දෙවතාවක් ටෙන්ඩර් කැදවූ නමුත් තවමත් කිසිවෙකු රුපියල් 55ට බඩඉරිඟු ආසන්න මිලකට ටෙන්ඩර් පත‍්‍රිකා ඉදිරිපත් නොකල බව ත‍්‍රිපෝෂ කම්හලේ නිලධාරීහු කියති.

මේ හේතුවෙන් සති දෙකක පමණ කාලයක් තිස්සේ බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් ත්‍රීපෝෂ හා සුපෝෂ නිපදවීම මේ වනවිට සම්පූර්ණයෙන් නැවතී ඇති බවත් ඉදිරියේ දී ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට දෙන ත‍්‍රීපෝෂ නවතිනු ඇති බවත් වෙළද පොලේ සුපෝෂ හිඟයක් ඇතිවනු ඇත් බවත් ඔහු කියා සිටියි.

ත‍්‍රිපෝෂ ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට නොමිලේ දෙන ආහාරයක් වන අතර සුපෝෂ අතිරේක ආහාරයක් ලෙස වෙළද පොලේ අලෙවියට පොදුවේ අලෙවි කරන්නකි.

සුපෝෂ සදහා මේ වනවිට විශාල ඉල්ලුමක් ඇති බවත් ඒ සදහා මසකට රුපියල් මිලියන 75ක පමණ අලෙවියක් පවතින බවත් එම නිලධාරිවරයා සදහන් කරයි.

ත‍්‍රීපෝෂ කම්හල සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන සමාගමකි.

(lanka truth )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න