තොණ්ඩමන්ගේ මළගෙදර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකු ඇතුළු 3 ක් නිරෝධායනයට !

තොණ්ඩමන්ගේ මළගෙදර වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියකු ඇතුළු 3 ක් නිරෝධායනයට !

දමිළ පුවත්පත් කිහිපයක හැටන් දිඹුල ප්‍රදේශයේ  ප්‍රාදේශිය මාධ්‍යයවේදියෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත් , රියදුරෙකුත් අද (02) දින සිට දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කල බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් පවසයි.

නෙත් වෙබ් අඩවිය වාර්තා කර ඇති ආකාරයට අදාල මාධ්‍යයවේදියා අභවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ගේ  දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබු අවස්ථාවල මාධ්‍ය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණ ඇත.

අනතුරුව ඔවුන් හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට කොරෝනා රෝග ලක්ෂණ කිහිපයක් මතු වි ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා සඳහන් කර ඇත.

එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා ඔහුට රෝගි ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් PCR  පරික්ෂණයක්ද සිදු කරගෙන ඇති බවත් එහි දැක්වෙයි.

එම PCR  පරික්ෂණ වාර්තාව ලැබිමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් යලිත් වතාවක් PCR  පරික්ෂණයකට යොමු කරන බවත් එතෙක් එම ප්‍රාදේශිය මාධ්‍යයවේදියා අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කල බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් කියා සිටි බවත් වැඩිදුරටත් එම පුවතේ සඳහන්කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න