Image

ඇත්තට ම අපි හොඳින් මැදි ආදායම් ලබන රටක් ද...? - Ideas front වීඩියෝවක්

ඇත්තට ම අපි හොඳින් මැදි ආදායම් ලබන රටක් ද...? - Ideas front වීඩියෝවක්

ලෝක බැංකුව විසින් කිසියම් රටක් දුප්පත් රටක් ලෙස සලකන්නේ එම රටෙහි දෛනික ඒකපුද්ගල ආදායම ඩොලර් අටකට වඩා අඩු නම් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

එම ආදායම ඩොලර් දහය ඉක්මවා යන්නේ නම් එම රට මැදි ආදායම් ලබන රටක් ලෙස සලකන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

ලංකාවේ ජනතාව දුප්පත්කම සමග ම ජීවත්වීමට පුරුදු වී ඇතැයි එම සාකච්ඡාවට සහභාගි වූ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

එම දුර්වලතාව ම තවත් පිරිසක් ගසාකන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

මැද ලංකාවේ ලේබලය පිටුපසින් පිටත දරිද්‍රතාවය! | ශ්‍රී ලංකාවේ දිළිඳුකමේ සැබෑ මුහුණුවර!

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න