ගුවන් විදුලි සංස්ථාව රාජ්‍ය දේපළ අවභාවිතයක !

ගුවන් විදුලි සංස්ථාව රාජ්‍ය දේපළ අවභාවිතයක !

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රාජ්‍ය දේපළ අවභාවිත කරමින් එලැඹෙන මහ මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින අගමැති මහින්ද රාජපක්ෂව ප්‍රවර්ධනය කරන බව කැෆේ සංවිධානය චෝදනා කරයි.

කැෆේ සංවිධානය විසින් නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කරන අතර ඒ සම්බන්ධව මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කළ බවත් එම නිවේදනය තුළ සඳහන්ය.

කැෆේ සංවිධානය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රාජ්‍ය  දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙනි !ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතයට වසර 50ක් සම්පූර්ණ  වීම නිමිත්තෙන් වැඩසටහන් විසුරුවා හරිමින් සිටියි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය ඔස්සේ අද (14)  දිනයේත් පෙරවරු 9.00 සිට මේ වෙනුවෙන් සැකසූ විශේෂ  වැඩසටහනක් විකාශය විය.

ඉදිරි මහමැතිවරණයේ අපේක්ෂකයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කිරීම මෙමඟින් සිදුකෙරෙන අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් එම වැඩසටහන් විසුරුවා හැරීම මඟින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් සිදුවෙමින් පවතියි.

කැෆේ සංවිධානය මේ සම්බන්ධයෙන් මැතිවරණ  කොමිසම වෙත පැමිණිලි කළ අතර එම පැමිණිල්ල මේ සමඟ යොමු කර ඇත. 

ස්තුතියි 

මාධ්‍ය ඒ්කකය 

කැෆේ සංවිධානය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න