රාජ්‍ය බැංකු 2කට මිහින් ලංකා කෝටි 518ක් ණයයි !

රාජ්‍ය බැංකු 2කට මිහින් ලංකා කෝටි 518ක් ණයයි !

මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 518 ක් දක්වා ඉහල ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.

මිහින් ලංකා ගුවන් සමාගම ලංකා බැංකුවට රුපියල් කෝටි 257ක පමණ මුදලක් ද මහජන බැංකුවට රුපියල් කෝටි 257ක් පමණ මුදලක්ද  මෙසේ ණය වී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ගුවන් සමාගම ලංකා බැංකුවෙන් අවස්ථා දෙකකදී ඩොලර් මිලියන 2.5 බැගින් ඩොලර් මිලියන 5ක් ද ද රුපියල් මිලියන 1650ක් ද ලබා ගෙන ඇති අතර මහජන බැංකුවෙන්ද ඒ හා සමාන අන්දමින් ණය ලබාගෙන ඇත.

මෙම ණය ලබා ලබාගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කර ඇති සහන ලිපි වල කාලය ඉකුත් 2018 වසරේ දෙසැම්බර් මස 10 වනදා අවසන් වී ඇති බැවින් එම ණය ගෙවන ලෙස රාජ්‍ය බැංකු දෙක ගුවන් සමාගමට දැනුම් දී ඇත.

එහෙත් එම ලිපිවල සහන කාලය ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝකරන්නැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක්ද කර ඇතැයි වාර්තා වේ.

මිහින් ලංකා ගුවන් සමාගම ඈවර කිරීමට 2017 වසරේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතත් එම ඈවර කටයුතු මෙතෙක් අවසන් කිරීමටද නොහැකි වී ඇත. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න