2011 ක්‍රිකට් ලෝක කුසලාන පරාජය පාවාදීමක් - මහින්දානන්ද

2011 ක්‍රිකට් ලෝක කුසලාන පරාජය පාවාදීමක් - මහින්දානන්ද

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගය මුදලට පාවාදුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කරයි.

 ඔහු මේ චෝදනාව එල්ලකර සිටියේ නිව්ස් ෆස්ට් සමග පැවති සාකච්ඡාවක් අවස්ථාවේ ය.
 
එහිදී ඔහු සඳහන් කර සිටියේ අදාළ පාවාදීම සඳහා ක්‍රීඩකයන් නොවන පාර්ශවයක් සම්බන්ධ වූ බවයි.
 
එසේම අදාළ සිදුවීම සම්බන්ධව විවාදයක් සඳහා වුවත් තමන් සූදානම් බවත් ඔහු පැවසීය.
 
ලංකාවේ අංක එකේ ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් බව අවිවාදිතය. එවැනි පසුබිමක අමාත්‍යවරයා මේ සිදුකළ ප්‍රකාශය ආන්දෝලනාත්මකය.
 
මේ සම්බන්ධව newstube.lk සංස්කාරක සංජය ලියනගේ සිය ෆේස් බුක් ගිනුමේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න