ස සොරි කියයි : මහ බැංකු අධිපති තීරණය වෙනස් කරගනියි !

ස සොරි කියයි : මහ බැංකු අධිපති තීරණය වෙනස් කරගනියි !

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීන්දු කර තිබුනද මේවනවිට එම තීරණය වෙනස්කර ගෙන ඇතයි මහ බැංකුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මහ බැංකුවේ අධිපති ප්‍රමුඛ ඉහළ නිළධාරීන් සහ ජනාධිපතිවරයා අතර පෙරේදා (16) පැවති සාකච්ඡාවේදී මහ බැංකුවේ වත්මන් ක්‍රියාකලාපය ජනාධිපතිවරයාගේ දැඩි දෝෂදර්ශනයට ලක්වූ අතර එම කම්පනය හේතුවෙන් වයෝවෘධ මහ බැංකු අධිපතිවරයාට වෛද්‍ය උපදෙස් ද ලබා ගැනීමට පවා සිදුව ඇත.

ජනාධිපතිවරයා මෙම රැස්වීමේදී දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර සිටියේ,  රටේ ආර්ථිකය කඩා වැටෙද්දී මහ බැංකුවේ බළධාරීන් නිදා සිටින බවයි.

ජනාධිපතිවරයා මහ බැංකුවේ ප්‍රධානීන්ට තර්ජනය කරමින් බැනවැදුණ ආකාරය දැක්වෙන දර්ශන ජනාධිපති මාධ්‍ය අංශය විසින් සියලු රුපවාහිනී නාලිකාවට ලබාදී තිබු අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කර තිබිණ. මෙම තත්වය තුල  මහ බැංකු සභාපතිවරයාට වහාම තනතුරින් ඉල්ලා අස්වැන්නයි ඔහුගේ පවුලේ හිතවතුන් ගෙන්ද දැඩි බලපෑමක් එල්ල වී තිබු බවද වාර්තාවේ.

කෙසේවුවද සිද්ධියෙන් අනතුරුව ජනාධිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා අමතා සමාව ඉල්ලා ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් එම රැස්වීමට සහභාගී වූ සියලු දෙනාවෙත තමාගේ කණගාටු දැනුම් දෙන ලෙසද දැනුම් දී ඇත.  

මෙරට කීර්තිමත් ආර්ථික විද්‍යඥයෙකු වන ඩබ්.ඩී. ලක්ෂ්මන් පසුගිය වසරේ දෙසැම්බර් 24 වැනිදා, මෙරට 15 වැනි මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩබාර ගත්තේ, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ගේ නිර්දේශය මතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හා මුදල් අමාත්‍ය, අගමැති මහින්ද රාජපක්ෂගේ ආශිවාදය ද ඔහුට ලැබී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න