SIS නිලධාරියා මියගිය මාර්ග අනතුරේ සැකකරුට ඇප !

SIS නිලධාරියා මියගිය මාර්ග අනතුරේ සැකකරුට ඇප !

රාජ්‍ය බුද්ධි සේවයේ කොස්තාපල් සිතුම් අලහප්පෙරුම මියගිය ඩිෆෙන්ඩර් රථ අනතුරේ සැකකාර තරින්ද රත්වත්තේ ඇප මත මුදා හැරීමට අද (19) නියෝග නිකුත්ව ඇත.

ජාතික රෝහලේ මිලියන 7.9 මුදල් මංකොල්ලයේ සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ මේ පොලිස් කොස්තාපල්වරයා ජූනි 11 වෙනිදා බම්බලපිටියේ දී සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
 
 පසුගියදා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය හමුවේ පවසා සිටියේ අදාළ අනතුර සිදුකළ පුද්ගලයා ඒ අවස්ථාවේ බීමතින් සිටි බව තහවුරුව ඇති බවයි.
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න