බළන්ගොඩ අමුතු පහේ ජන්ද ගේමක් !

බළන්ගොඩ අමුතු පහේ ජන්ද ගේමක් !

පසුගිය සතියේ දිනක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු විසින් බලංගොඩ ආසනය තුළ සමීක්ෂණයක් සිදු කර තිබුණි. ඒ සමීක්ෂණයේ දී ඔවුන් ඡන්දදායකයන්ට පත්‍රීකාවන් ලබා දී තිබූ අතර එහි දී ඡන්දය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන්නේ ද ? එසේ නොමැති නම් ඊට හේතු සහ මනාපය ලබා දෙන පුද්ගලයන් පවා අසා තිබුණි.

ඡන්දය ලබාදීම සැලකෙන්නේ අතිශය රහසිගත ක්‍රියාවලියක් ලෙසටය. ඒ නිසා කිසිවකුගේ ඡන්දයන් පිළිබඳව නෛතිකව විමසිය නොහැකිය. එසේම එසේ කිරීමට කිසිවකුට සදාචාරාත්මක අයිතියක් ද ඇත්තේ නැත. එසේම මැතිවරණ නීතිය අනුව ද මෙය බරපතල ගනයේ වරදකි.

එහෙත් දැනගන්නට ලැබෙන පරිදි, මේ ලිපිය ලියන මොහොත වන තෙක් මේ සම්බන්ධව කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන තිබුණේ නැත.

මෙම කාරණාව සම්බන්ධ චෝදනාව එල්ල වන්නේ අදාළ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ දේශපාලඥයෙකුටය. ඔහු තම බලය පාවිච්චිකොට මෙසේ මැතිවරණ නීති අමු අමුවේ උල්ලංඝනය කරන මොහොතේ, මැතිවරණ බලධාරින් ක්‍රියා  කරනුයේ කෙසේද යන්න අපි විමසිලිමත් වෙමු.

(රසික ගුණවර්ධන - රාවය )

FB IMG 1592737919864 696x453

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න