Language Switcher

V2025

ආණ්ඩුවට සරල බහුතරයක්වත් දෙන්න එපා - රතන හිමි

වත්මන් ආණ්ඩුවට ඉදිරි මැතිවරණයේදී සරල බහුතරයක් වත් ලබාදිය යුතු  නැති බව අපේ ජන බල පක්ෂයේ අපේක්ෂක  අතුරලියේ රතන හිමි පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

ආණ්ඩුව පිහිටු වීමේ බලය තම පක්ෂයට ලබා දෙන ලෙස ද රතන හිමි  ඉල්ලා සිටියේය.

තුනෙන් දෙකක බලයක් ආණ්ඩුව ඉල්ලා සිටියද තුනෙන් දෙකක් ලබාගෙන කරන්නේ කුමක්ද කියා රටක පැහැදිලි කර නැති බවද උන්වහන්සේ පැවසූහ.