ගෝඨාභය වටේ මිලින්දගේ ඔත්තු සේවාවක් - ඇමති විමල්ගේ අනාවරණයක් !

ගෝඨාභය වටේ මිලින්දගේ ඔත්තු සේවාවක් - ඇමති විමල්ගේ අනාවරණයක් !

මිලින්ද මොරගොඩගේ ඔත්තු සේවාවක් ජනපති ගෝඨාභය රාජපක්ෂ වටා දැලක් එලමින් රට කරන හැටි උපදෙස් දෙමින් සිටීම බරපතල අනතුරක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ අවධාරණයකර සිටියි.


ඔහු එබව පැවසුවේ “69 ලක්‍ෂයේ අපේක්ෂාව ඉටු කරන - ජනපතිඳුන්ගේ අධිෂ්ඨානය සඵල කරන ‘හරි මඟ’ පශ්චාත් කොවිඞ් – 19 නැඟිටීම සඳහා දොළොස් වැදෑරුම් උපාය මාර්ගික ප්‍රවේශය” කෘතිය එළිදැක්වීම සඳහා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී කැඳවා තිබූ විශේෂ නියෝජිත සමුළුව අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

''මේ ජනවරමේ කොටස්කරුවන් නොවන 'පාත්ෆයින්ඩර්' වැනි සංවිධාන දැන් රජයට උපදෙස් දෙනවා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය ගැන. මිලින්ද මොරගොඩගේ පාත්ෆයින්ඩර් කියන්නේ ඔත්තු සේවා සංවිධානයක්. එම සංවිධානයේ මිලින්ද මොරගොඩ, ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ආදීන් ජනාධිපතිතුමන්ට වැඩපිළිවෙළක් ඉදිර්පත් කර තිබෙනවා පශ්චාත් කොවිඞ් 19ට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන්. 

එහි කියනවා, ‘රට හදන්න දර්ශනයක් අවශ්‍ය නැහැ’ කියලා. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදිහට වැඩ කරන්නලු. ඔවුන්ට ඕනෙ හැටියට නොවෙයි, මේ රට හදන්න ඕනෙ මහා සංඝරත්නයේ උපදෙස් මතයි, ජාතික බලවේගවල මගපෙන්වීම මතයි.

අපිට ආපහු කොවිඞ්වලට කලින් තිබුණ රටට යන්න බැහැ. යන්න අවශ්‍යත් නැහැ. අපේ රටේ පවතින කෘෂිකාර්මික පරිසරයෙන් තරම් නව නිෂ්පාදන කරන්න පුලුවන් රටක් තවත් නැහැ. කාර්මික නිෂ්පාදනත් ඒ වගේ තමයි. අපේ රටෙන් තමයි ලෝකයේ පළමු රෝහලේ නටඹුන් හමුවුණේ. අපේ රටේ ඉතිහාසයේ පැවති තාක්ෂණය, විද්‍යාව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

අද අපිට අවශ්‍ය කරන්නේ පශ්චාත් කොවිඞ් අභියෝගයට මුහුණ දෙන්න පුලුවන් තාක්ෂණික දැනුම සහිත නව පරපුරක්. අපේ නිෂ්පාදනය මුල්කරගත් ආර්ථික රටාවක්. එයට නායකත්වය දිය හැකි බලවේගයක්. ඒ බලය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරවීමේ හැකියාව තිබෙන්නේ මේ රටේ ජනතාවටයි”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න