තැපැල් ජන්ද පැකට් ගැන තැපෑලේ අවුලක් : තැපැල්පති එන්නේ මොකාටද වෘත්තීය සමිති සීරුවෙන් !

තැපැල් ජන්ද පැකට් ගැන තැපෑලේ අවුලක් : තැපැල්පති එන්නේ මොකාටද වෘත්තීය සමිති සීරුවෙන් !

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පැකට්ටු සම්බන්ධ රාජකාරි කටයුතු මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ඉවත් කිරීම හා කාර්ය මණ්ඩලය වෙනස් කිරීම කරන බවට තොරතුරු ලැබී ඇති අතර මීට එරෙහිව තැපැල් සේවකයන්  දැඩි විරෝධය පලකර සිටියි.

මීට පෙර අවස්ථාවන්හි දී මෙම රාජකාරි ඉටු කරනු ලැබුවේ මනා පුහුණුවක්, පළපුරුද්දක් සහ අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලයක් විසින් වන අතර ඒ සඳහා මධ්‍යයම තැපැල් හුවමාරුව භාවිතා කර ඇත.

 නමුත්  මෙවර මහ මැතිවරණයේදී මධ්‍යම තැපැල් හුවමාරු වෙන් පිටදී පළපුරුද්දෙන්, අත් දැකීමෙන් අඩු කාර්ය මණ්ඩලයක් යොදා ගැනීමට කටයුතු කිරීමට තැපැල් පරිපාලනය සූදානම් ව ඇති බවත් මේ සම්බන්ධයෙන් සේවක විරෝධයක් එල්ල වී තිබෙන බවත් ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද  පවසයි.

මේ නොසන්සුන්තාවය වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් දක්වා දිග්ගැස්සි ඇති බවත් තැපැල් පරිපාලනය විසින් සේවක එකගතාවයකින් තොරව ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් ඇතිවන වෘත්තීය ක්රියාමාර්ගයට තම සංගමයද එක් වන බවත් ලංකා තැපැල් සේවා සංගමය මගින් තැපැල්පතිවරයාට ලිපියක් මගින් දැනුම්දී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න