නාකොටික් නි.පොලිස්පති මැදවත්ත වෙනුවට අපොන්සු එයි : නිලධාරීන් 4ක වැඩ තහනම් !

නාකොටික් නි.පොලිස්පති මැදවත්ත වෙනුවට අපොන්සු එයි : නිලධාරීන් 4ක වැඩ තහනම් !

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සහ ජාවාජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට  චෝදනා මත  අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පැවසීය.

මෙසේ වැඩ තහනමට ලක් කරනු ලැබුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු , සැරයන්වරු දෙදෙනෙකු හා කොස්තාපල් වරයෙකුගේ බවත් ඔහු  පැවසීය.

මීට අමතරව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සුබසාධන අංශයට මාරුකිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් කටයුතු කර ඇති අතර ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ලැබෙනු බවත් වාර්තා වෙයි.

පොලිස් නාකොටික් අංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්තගෙන් පුරප්පාඩුවන තනතුර සඳහා නියෝජ්‍ය පොලිස්පති කේ.අපොන්සු පත් කිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න