‘‘ගමට සන්නිවේදනය” මගින් විදුලි සංදේශ සම්බන්ධතා

‘‘ගමට සන්නිවේදනය” මගින් විදුලි සංදේශ සම්බන්ධතා

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරම්භ කළ ර්‍ණගමට සන්නිවේදනය” ව්‍යාපෘතියේල විදුලි සංදේශ සේවා සපයන්නන් සමග පැවති සමාරම්භක රැස්වීම අදල ජූලි 02 දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණ කිරීමේ අරමුණ සහිතව භූගෝලීය බාධක නොතකා දිවයින පුරා ඩිජිටල් සේවාවන් සඳහා කිසිදු බාධාවකින් තොරව ප්‍රවේශවීම සහතික කිරීමත්, 100‍්‍% ක් 4G /බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය ශ්‍රී ලංකාව පුරා ස්ථිර කිරීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

සියළුම දිස්ත්‍රික්ක පුරා සිදුකරණ බිම් මට්ටමේ සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් හඳුනාගෙන ඇති අඩු පහසුකම් සහිත ප්‍රදේශවල සම්බන්ධතා පහසුකම් නිවැරදි කරන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂද සේනානායක මහතා සේවා සපයන සමාගම්වලට මෙහිදී උපදෙස් දෙන ලදී.

මෙහි නියාමක ව්‍යාපෘතිය රත්නපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරෙන අතර විදුලි සංදේශ බදු අරමුදල් වලින් ඒ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද ආයෝජනය කරණු ලබයි. මෙම හමුව සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ සේවා සපයන සමාගම් නියෝජනය කරමින් නිළධාරීන් හා නිළධාරිනියන් සහභාගිවූ අතර ව්‍යාපෘතිය භාරව කටයුතු කරණ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ශ්‍රියානි මාවැල්ලගේ මහත්මියද අදහස් ප්‍රකාශ කලාය.

ඡායාරූප :-  බන්දුල සේනානායක - TRCSL Media

2

4

10

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න