සිරිල් ගාමිණි පියතුමා විසින් සූම් තාක්ෂණය ඔසසේ සිදු කරන ලද සාකච්ඡාවක දී පාස්කු ඉරු දින ප්‍රහාරය මෙරට බුද්ධි අංශ විසින් සිදු කරන ලද්දක් බවට ආඛ්‍යානයක් නිර්මාණය කර,
එය තවදුරටත් වැඩි දියුණු කරමින් බීබීසී නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනක් මගින් එම ප්‍රහාරය මෙරට බුද්ධි අංශයේ හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ ගේ මෙහෙයවිමෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ අරමුණින් සහරාන් ලවා සිදු කළ බවට අසත්‍ය ආඛානයක් නිර්මාණය කළ බවට චෝදනා එල්ල කරමින්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිව ඇරැව්වල පන්නිපිටිය පදිංචි විශ්‍රාමික බලපන්ති ලුතිනන් ඩයස් බණ්ඩාරලාගේ අජිත් ශාන්ත කුමාර ජයතිලක යන අය විසින් ගොනු කළ පුද්ගලික පැමිණිල්ලක් ගොනු කරමින් සිතාසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද 17 ප්‍රතික්ෂේප කළේ ය.
පසුගිය අප්‍රේල් මස 09 වනදා ඔහු ගොනු කළ පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුකරය අධිකරණය හමුවේ කැඳවූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
සිතාසි නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නැති බව කියමින් මහේස්ත්‍රාත්වරයා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.
දප්පුල ලිවේරා හිටපු නිතිපතිවරයා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධයක්ෂ ශානි අබේසේකර , සිරිල් ගාමිණී සහ ජූඩ් සිල්වා යන පියතුමන්ලා ට එරෙහිව සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
