Image

ආරණ්‍ය සේනාසනයක් නෙවෙයි, අපයෝජන මධ්‍යස්ථානයක්!

ආරණ්‍ය සේනාසනයක් නෙවෙයි, අපයෝජන මධ්‍යස්ථානයක්!

ආගමික සංස්ථාවල වැඩිහිටි පූජ්‍ය පක්ෂයෙන් දරුවන් අපයෝජනය ගැන අපි දිගින් දිගටම කතා කළා. මේකෙ එක තැනකදි ටිකක් බලවත් විදිහට මතු වුණා අටමස්ථානාධිපති හේමරතන හිමි සම්බන්ධ සිදුවීම.. ඒක ආණ්ඩුවට එකතු වුණ ලොකු කළු පැල්ලමක් කියලා විවාදයක් නෑ..

පල්ලේගම සිද්ධියට පස්සෙත් විවිධ ස්ථානවලින් මේ අපයෝජන සිදුවීම් එළියට ආවා. එහෙම වෙන්නත් සමාජ කතිකාව බලපාන්න ඇති.

මේ චෝදනා බහුතරයක් පන්සල් ආශ්‍රිත ඒවා. එහෙම වෙන්න මෙරට තියන ආගමික ස්ථාන අතරින් වැඩිම ප්‍රමාණය පන්සල් වීම බලපානවා. අනෙක් අතට මේ පන්සලේ සෙල්ලම බොහෝ තැන්වල ප්‍රසිද්ධ රහසක්.

මේ අහස පොළොව නුහුළන දරු අපයෝජන ගැන මහජනයාට අයිති සංඛ්‍යාත පරිහරණය කරන ප්‍රධාන මාධ්‍යවල නිහැඬියාව අන්තිම නිහීනයි.

ජුනි මුල් සතියෙ රක්වාන සිංහරාජ ආරණ්‍ය සේනාසනයෙ ප්‍රධාන හිමිවරු දෙනම අත්අඩංගුවට ගත්තා. නගරයෙන් බොහොම ඈත කැලෑවක් අස්සෙ පවත්වාගෙන ගිය මෙම ස්ථානය බොහොම පරණ එකක්. එහි පිරිවෙනකුත් තියනවා. වයස 15ට අඩු දරුවො 50ක් විතර පැවිදි කරලා ඉන්නවා. මෙයින් 22කට ලිංගික අතවර වෙලා කියලයි චෝදනාව. නඩු තුනක් දැනට පවරලා. තව සිදුවීම් 7ක කරුණු අද අධිකරණයට වාර්තා කරන බව දැනගන්න ලැබුණා.

ආර්ථික අපහසුතා නිසා ඒ කියන්නෙ බොහෝවිට කන්න නැති නිසා සිවුරු පොරවන බාල දරුවො අම්මා තාත්තා ඇකයෙන් මුදවලා ගන වනාන්තරවල මෙවැනි තැන්වල තනි කරලා ගුටි පූජා දිදී ලිංගිකව පාවිච්චි කරන එක සමාජයක් විදිහට ඉවසන එක පුදුමසහගතයි.

මේ වැනි ස්ථාන අඩුම තරමෙ මාසිකව නිරීක්ෂණය කරන්නවත් ආයතනයක් නැහැ, අඩු තරමෙ මේ ළමා පැවිද්ද අහෝසි කරන තුරු.

මේ රක්වාන සිදුවීමෙදි පොලිසිය ඉතා කඩිනමින් සහ යුක්තිසහගත ලෙස ක්‍රියා කරලා තියනවා. නි. පොලිස්පති රේණුකා ජයසුන්දර මේ ගැන මැදිහත්වෙලා තියනවා. පල්ලෙගම සහ මෙම සිදුවීම් දෙකේදි පොලිසිය ක්‍රියා කළ ආකාරයත් හොඳ නිරීක්ෂණයක්.

මේ නඩු කටයුත්ත වෙනුවෙන් නොමිලේ පෙනී ඉන්න නීතිඥ මහත්තයටත් අපේ ගෞරවය පිරිනමන්න ඕන.

මේ ගැන අපි Inside voice කරපු කතා බහ >>>

සටහන - සඳුන් ප්‍රියංකර විතානගේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න