කොරෝනා වසංගත අවදානම් කාලයේ රාජකාරිය යෙදුණු හෙද කාර්ය මණ්ඩලය ගෙවිය යුතු ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කරයි.
රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි උපුටා දක්වමින් ආණ්ඩුවට හිතවාදි වෙබ් අඩවි කිහිපයක් මේ බව වාර්තා කර ඇත.
එමෙන්ම හෙද කාර්ය මණ්ඩලවල ස්ථානමාරුවීම් මේ වන විට අවුල් ජාලාවක් වී ඇතැයි ද උන්වහන්සේ පෙන්වාදී ඇති බවත් එහි සඳහන් ය.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ රාජ්‍ය සහ පළාත් සෞඛ්‍ය සේවාවල පවතින ගැටළුවලට විසඳුම් දීමට රජය උනන්දුවක් නොදක්වන බව ද උන්වහන්සේ චෝදනා කරන අතර මෙම සියලු කරුණු සඳහා රජය ඉක්මන් විසඳුම් ලබා නොදෙන්නේ නම් නුදුරේදීම දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට උන්වහන්සේ පැවසූ බවය.

