ජනතාව නොමග යැවීමට : මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය අවභාවිතා කිරීමේ ඉහළ යාමක් !

ජනතාව නොමග යැවීමට : මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය අවභාවිතා කිරීමේ ඉහළ යාමක් !

මැතිවරණ සමයේ ජනතාව නොමග යැවීම සදහා සමාජ මාධ්‍ය අවභාවිතා කිරීමේ ඉහළ යාමක් සම්බන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනාවරණය කරයි.

නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය මේ බව සඳහන් කරන අතර එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

මහමැතිවරණ සමයේ ජනතාව නොමග යවනසුලු ප්‍රචාරණ කටයුතු සිදුකිරිම සදහා සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිතා කිරීමේ ඉහල යාමක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇත. විශේෂයෙන්ම ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන් සදහා සහයෝගය ලබාදෙන බවට සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල හුවාදක්වමින් දේශපාලන වාසි ලබාගැනීමට යම් දේශපාලන කණ්ඩායම් විසින් කටයුතු කරන බවක් නිරීක්ෂණය කිරීමට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවී ඇත.

ව්‍යාජ පුවත් සමාජ මාධ්‍ය තුල නිර්මාණය කොට බෙදා හැරීම, පැරණි පුවත් වර්තමානයෙහි සිදුවූ සිද්ධීන් ලෙස හුවා දක්වමින් නැවතත් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල සංසරණය වීමට කටයුතු කිරීම, ක්‍රිකට් ක්‍රීඩකයන් ඇතුළු සමාජය තුල යම් ප්‍රසිද්ධියකට පත්ව සිටින පුද්ගලයන්ගේ චායාරූප සහ නම් ඔවුන්ගේ අනුදැනුමකින් තොරව සමාජ මාධ්‍ය තුල සිදුකෙරෙනා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා යොදාගැනීම මුලික වශයෙන් සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතා අතර කැපී පෙනේ.

සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුල මැතිවරණ ප්‍රචාරණ කටයුතු සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිතාවක් සිදුනොවන ආකාරයෙන් සිදුකිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශෙයන් 

සියලුම දේශපාලන කණ්ඩායම් වලට දැනුම් දෙන අතර සමාජ මාධ්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුකර යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.

 රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  

සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න