මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 119 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර අපෙක්ෂකයින් දෙදෙනෙකු සහ ආධාරකරුවන් 117 දෙනෙකු වෙයි.
ඔවුන් සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කර සිටියි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන ආකාරයට මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 92ක් ලැබී ඇත.
මේ අතර මැතිවරණය නීතී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ දක්වා පැමිණිලි 1193ක් ලැබී ඇති බවය.
ප්‍රචණ්ඩ ක්‍රියා, රාජ්‍ය දේපල පරිහරණය, නීති විරෝධී ලෙස අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම ඇතුළු වැරදි සම්බන්ධයෙන් අදාළ පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

