Language Switcher

V2025

වැලි, පස් හා බොරලු ප්‍රවාහනයට බලපත්‍ර ගැනීමට සිදුවීම : ඇමති චන්ද්‍රසේනගේ බලවත් ශෝකයට !

වැලි, පස් හා බොරලු ප්‍රවාහනයට අවශ්‍ය බලපත් ලබාගැනීමේ ක්‍රියාවලිය අහෝසි කිරීම හරහා ජනතාවට ලබාදුන් සහනය අහිමිවීම පිළිබදව කණගාටුවන බවද එස්. එම් චන්ද්‍රසේන සඳහන් කර ඇත. 

රජය එම පියවර ගත්තේ සංවර්ධන කටයුතු සඳහා මෙම අමුද්‍රව්‍ය විශාල වශයෙන් ඉල්ලුමක් පවතින නිසා බව ඉඩම් සංවර්ධන වනජීවී හා පරිසර අමාත්‍ය එස්.එම්.චන්ද්‍රෙස්න අද (18) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ප්‍රවාහන බලපත් අහෝසි කිරීමෙන් රජයට අයවිය යුතු විශාල මුදලක් අහිමි වූ බව පෙන්වාදුන් ඇමතිවරයා නව රජය බලයට පත්වීමත් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා බලපත්‍ර නීතීය අහෝසි කිරීමට කටයුතු කළ බව සඳහන් කර සිටියේය. පරිසරවේදීන් ගොනුකළ පැමිණිල්ලට අනුව අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයට පිළිගන්නා බවත්, ජනතාවට ලබාදුන් සහනය අහිමිවීම පිළිබදව කණගාටුවන බවද එස්ස. එම් චන්ද්‍රසේන සඳහන් කර ඇත.

2019 දෙසැම්බර් මස 4දා කැබිනට් මණ්ඩලය විසින් වැලි පස් හා බොරලු ප්‍රවාහනය සඳහා වූ බලපත්‍ර ලබාගැනීම අහෝසි කරන ලදී. නමුත් එය භූවිද්‍යා හා පතල් කැණීම් පනත උල්ලංඝණය කිරීමක් බව සඳහන් කරමින් සහ එම පනතට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා කැබිනට් තීරණය අභියෝගයට ලක්කරමින් පරිසර යුක්කි කේන්දුය විසින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය. මෙම පැමිණිල්ල සළකා බැලූ අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පවසා ඇත්තේ දැනට පවතින නීතිය අනුව වැලි සහ පස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාදීම අත්‍යවශ්‍ය වෙන බවයි. කෙසේවෙතත් අභියාචනාධිකරණය ඊයේ වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කළේ නීතියට පටහැනිව බලපත්‍ර රහිතව වැලි සහ පස් ප්‍රවාහනය කරන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

(Lanka views )