බන්දුල කිව්වේ බොරු : වෘත්තීය සමිති අනාවරණයක් !

බන්දුල කිව්වේ බොරු : වෘත්තීය සමිති අනාවරණයක් !

කැබිනට් තීරණ දැනුම් දීමේදී බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් සේවක වැටුප් කප්පාදුව සඳහා වෘත්තිය සමිති හා කම්කරු ඇමතින්, හාම්පුතුන් එකඟව ඇති බවත්, ඒ අනුව එය සැප්තැම්බර් දක්වා ක‍්‍රියාත්මක කරන බවට සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව අන්තර් සමාගම් සේවක සංගමය චෝදනා කරයි.

අමාත්‍යවරයා අදාළ  ප‍්‍රකාශය සිදුකර සිටියේ පසුගිය ජූලි 16  වනදා වන අතර ඒ සම්බන්ධව අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන්  එහි ප්‍රධාන ලේකම් නිකුත්කළ නිවේදනයේ මේ බව සඳහන් වෙයි.
 
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

පසුගිය ජුලි 08 වන දින ජාතික කම්කරු උපදේශක සභාව කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වු අතර එහිදී මුලිකව සාකච්ඡා කළ කරුණ වුයේ පුද්ගලික අංශයේ සේවකයන්ට (#කොවිඩ්- 19 #Covid- 19 නිසා ක‍්‍රියාත්මක නොවන) තම වැටුපෙන් 50% ක් හෝ 14500/= ක් යන දෙකින් වැඩි අගය ගෙවීම ජුලි සිට සැප්තැම්බර් දක්වා දීර්ඝ කිරීමයි.

මැයි හා ජුනි මාස තුල එය ක‍්‍රියාත්මක වීමෙදී හාම්පුතුන් බොහෝ අයතා ලෙස මෙම වැටුප් යෝජනාව ක‍්‍රියාත්මක කර තිබීම පිළිබඳ කරුණු පෙන්වා දෙමින් මෙම වැටුප් කප්පාදුව දීර්ඝ කිරීමට අනුමත නොකරන ලෙස අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී ඉල්ලා සිටින ලද අතර යෝජනාවට විරෝධය පළ කරන ලදි. එය වාර්තාගත කරන ලදි.

තවත් වෘත්තීය සමිති කිහිපයක්ම අපගේ ස්ථාවරය ගන්නා ලදි. ඒ අනුව බන්දුල ගුණවර්ධන වැටුප් කප්පාදුව දීර්ඝ කිරීමට වෘත්තිය සමිති සියල්ල එකඟ වු බව පැවසීම අසත්‍යකි.

ස්තූතියි.

මෙයට,
නීතීඥ ජානක අධිකාරී
ප‍්‍රධාන ලේකම්
අන්තර් සමාගම් සේවක සංගමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න