Language Switcher

V2025

CID ලොක්කා මැකෝ ගේ ඉල්ලීම කුනුකුඩයට වීසිකරයි !  -රිෂාඩ්ට නාවොත් හෙට වරෙන්තු !! - රත්නජිවන් හූල් ගෙන් විශේෂ ප්‍රකාශයක් !!

හෙට (ජුලි 20) පෙරවරු 9.30ට කොළඹ කොටුව නව මහලේකම් ගොඩනැගිල්ල පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක 03 වෙත පැමිණ පෙනී සිටින ලෙසට අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන්ට නියෝගකර ඇත.

අද දින (ජුලි 19) මන්නාරම පොලිස් ස්ථානය හරහා එම දැනුම්දිම සිදුකර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙනුවෙන් එහි වාණිජ අපරාධ විමර්ශන අංක 4හි ස්ථානාධිපති වන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක දීපානි මැණිකේ විසිනි.

පාස්කු දින බෝම්බ ප්‍රහාර මාලාවේදී ඉන්සාෆ් අහමඩ් විසින් 'සිනමන් ග්‍රෑන්ඩ්' හෝටලයේ දී බෝම්බ පිපිරීමට අදාළව පොලිස්පතිතුමාගේ නියෝග පරිදි පවත්වා ගෙන පරීක්ෂණයෙදී අවස්ථානුගත කරුණු රිෂාඩ් බදියුදීන් දන්නා බවට අනාවරණය වී තිබීම එසේ කැඳවීමට හේතුව ලෙස දන්වා ඇත. 

 මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ප්‍රකාශ සටහන් කිරීමට අවස්ථා තුනකදී දන්වා ඇතත් ඒ සඳහා නො පැමිණෙන ඇති බැවින් හෙට දිනයේ ද නොපැමිණියහොත් එය ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 172 වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදක් බව ද එම දැනුම්දීම මගින් අවධාරණය කර තිබේ.

WhatsApp Image 2020 07 19 at 7.19.31 PMමැකෝගේ ඉල්ලීම තුට්ටු දෙකකට ගණන් නොගනී !

හෙට දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංක 03 වෙත පැමිණ පෙනී සිටින ලෙසට අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාගේ නියෝගය මත රිෂාඩ් බදියුදින්ට මෙසේ දැනුම් දීමක් සිදුකර ඇත්තේ, රිෂාඩ් බදියුදීන් හා රවී කරුණානායක හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව සිදුකෙරෙන පොලිස් විමර්ශන කටයුතු මැතිවරණය අවසන් වනතෙක් අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසම විසින් වැඩබලන පොලිපතිවරයාට කර ඇති ලිඛිත දැනුම්දීමද මුළුමනින්ම නොසලකා හරිමිනි.

මහ මැතිවරණයක් කැඳවා ඇති මෙවැනි අවස්ථාවක ආණ්ඩුවේ දේශපාලන උවමනාවන් වෙනුවෙන්, විපක්ෂයේ පක්ෂ නායකයින් නීතිමය කටයුතුවලට ඇඳා ගනිමින්, ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අඩපන කිරීමේ  සැලසුම් සහගත මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භකර ඇති බැවින් වහාම මැතිවරණය අවසන් වනතෙක් එම විමර්ශන කටයුතු අත්හිටුවීමට මැදිහත් වන්නැයි පසුගිය සිකුරාදා දිනයේ දී පක්ෂ නියෝජිතයින් විසින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබිණ.

ඒ, මැතිවරණ කොමිසම විසින් පක්ෂ නායකයින් කැඳවා මැතිවරණ පැවැත්වීමට අදාල විශේෂ සාකච්ජාවක් කැඳවා තිබු අවස්ථාවේදීය. 'පොහොට්ටු' පක්ෂය නියෝජනය කරමින් එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද එම රැස්වීමට සහභාගී වී සිටියේය.

 රවී කරුණානායක හා රිෂාඩ් බද්යුදීන් හිටපු ඇමතිවරුන්ට එරෙහි පොලිස් විසින් කෙරෙන රස්තියාදු කිරීම් මෙහිදී දැඩිලෙස විවේචනයට ලක්විය.

යහපාලන ආණ්ඩු සමයේදී නාමල් රාජපක්ෂ හා සරණ ගුණවර්ධන යන දේශපාලනඥයින්ට එරෙහිව සිදුකෙරෙමින් තිබු විමර්ශන කටයුතු අදාල මැතිවරණ සමයේදී අත්හිටවූ ආකාරය පක්ෂ නියෝජිතයින් මෙහිදී පෙන්වා දී තිබිණ.

එම කරුණු සැලකිල්ලට ගත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, රවී කරුණානායකට හා රිෂාඩ් බදියුදීන් වෙත මෙසේ බලපෑම් කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බැවින් අදාල විමර්ශන කටයුතු මැතිවරණයෙන් පසු සිදුකරන්නැයි වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දෙන බවට පක්ෂ නායකයින් ඉදිරියේ සහතික වී ඇත. 

ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එදිනම (ජුලි 17) පස්වරුවේම වැඩබලන පොලිස්පතිවරයා වෙත එම දැනුම්දීම සිදුකර ඇත.

WhatsApp Image 2020 07 19 at 7.19.31 PM 1
රිෂාඩ් හෙට මුලතිව් !

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැනගැනීම සඳහා අප රිෂාඩ් බදියුදීන් දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට දැරූ උත්සාහය සාර්ථක නොවිය. 

එම පක්ෂයේ ක්‍රියාකාරිකයකු ගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ, තම පක්ෂයේ නායකයා අද දිනයේ අම්පාර දිස්ත්‍රීක්කයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගී වී සිටින බවයි. හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස තම නායකයට මන්නාරම පොලිසියෙන් දැනුම්දීමක් ලැබී ඇති බව ඔහු තහවුරු කළේය.

''රිෂාඩ් බදියුදීන් මහත්තයට එරෙහිව සිදුකෙරෙන පොලිස් විමර්ශන තාවකාලිකව නවත්තන්න කියලා මැතිවරණ කොමිසම, පොලිස්පතිතුමාට දැනුම් දිමක් කරලා තියනවා. එහි පිටපතක් අපේ නායකතුමාටත් ලැබිලා තිබුනා. නායකතුමා එම දැනුම් දීම CID නිලධාරීන්ටත් දැනුම්දීලා තිබුනා. මැතිවරණයෙන් පස්සේ ඇවිත් විමර්ශන කටයුතු වලට උපරිම සහය දෙන්නම් කියලා. එත් අද උදේ CID යෙන් තවත් කැඳවීමක් ලැබුනා, නොවරදවාම හෙට එන්න කියල..

අපේ නායකතුමා අද දවසෙම අම්පාරේ අපේ පක්ෂයේ ඡන්ද වැඩ. හෙට දවසෙම මුලතිව්, අනිද්දා දවසෙම ත්‍රීකුණාමලයේ ප්‍රචාරක වැඩ. මේ කරන්නේ නම් හරිම අසාධාරණයක්. අපේ පක්ෂය පරද්දන්න ආණ්ඩුව පොලිසිය යොදාගෙන ද කියලා සාදාරන සැකයක් ඇතිවෙනවා..'' එම ප්‍රකාශකය වැඩිදුරටත් කියා සිටියේය.


මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් ගෙන් විශේෂ ප්‍රකාශයක් !

Hool 2020.07.19මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර ඇති මැතිවරණ කොමිසමේ සාමාජික එස් රත්නජිවන් එස් හූල්, බදියුදීන් හා කරුණානායකට හිටපු ඇමතිවරුන් ඉලක්ක කර ගනිමින් ඔවුන් වෙත පොලිසිය හරහා සිදුකෙරෙන හිරිහැර දැඩි ලෙස විවේචනය කර ඇත.

ඡන්ද වකවානුවේ මෙසේ සිදුවන විමර්ශන සම්බන්ධයෙන් සැක පල වන බැවින් එකී විමර්ශන ඡන්දයෙන් පසු සිදු කරන ලෙස මැතිවරණ කොමිසම විසින් ඉල්ලා ඇතැයි ද ඔහු කියා සිටියි.


ඉංග්‍රීසි මාධ්‍ය යෙන් නිකුත්කර එම නිවේදනයේ සිංහල පරිවර්තන සංක්ෂිප්ත වශයෙන් මෙසේය.

''අපට පොලීසියක් තියෙන්නේ රටේ නීතිය හා සාමය රැකීමට හා ඒ සදහා ආයතන වලට සහයෝගය ලබාදීමට. අවාසනාවත්ත ලෙස පොලීසිය බලයේ පවතින ආණ්ඩුවේ ආයුධයක් බවට පත්වෙන ලකුණු ඇත. එය ප්‍රජාතන්ත්‍රවාදය  ගැන සලකන විට කණගාටුවට කරුණකි.

එකී ආයතන බලයේ සිටින රජයගේ අපරාධ ක්‍රියාවලි සම්බන්ධයෙන් හා එයට එරෙහිව විමර්ශන කටයුතු සිදු නොකරන බවට බොහෝ උදාහරණ ඇත.

 ඒ වගේම පවතින ආණ්ඩුව බලයෙන් පෙරලුනු විට බොහෝ කලක් අමතකව තිබුණු කරුණු සම්බන්ධයෙන් අලුතෙන් කටයුතු කිරීමට පටන් ගන්නවා. 

පොලිසිය මගින් විමර්ශණ කටයුතු සිදු කිරීමෙන් පසු සැකකරුවන්ව නිදහස් කර පසුව නව ආණ්ඩුවක් බලයට පත්වූ පසු නැවත සොයා ගනු ලබන කරුණු මත කටයුතු කරනවද?  නැතිනම් ඇත්තටම අපරාධ කටයුත්තක් වෙලා පොලීසිය විසින් එහි විමර්ශන කටයුතු සිදු කිරීම පසුව තබා නැවත අලුත් ආණ්ඩුවක් බලයට පැමිණි පසු නියමාකාරයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමට පටන් ගන්නවාද ? යන්න ගැන අපට විශ්වාසයක් නැත. 

ඒ ආකාරයෙන් කටයුතු කිරීම ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයට හොද නැති අතර පොලීසියද දේශපාලන ආයුධයක් යන චෝදනාවට ලක්වේ.

ඡන්ද කාලවකවානුව ඉතා වෙනස් එකකි. දේශපාලකයන් නිදහස් වී යයි සදහන් කර හිටිහැටියේම නැවතත් ඡන්ද කාලයේදී විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් විපක්ෂයේ සිටින දේශපාලකයන්ගේ නම කැත කර ඔවුනගේ ඡන්ද අඩු කිරීමේ වෑයමක්ද පෙනේ.

19 වන සංශෝධනයට පෙර ඡන්ද කොමිසමේ සිටින ඡන්ද කොමසාරිස් හා ඔහුගේ අවෑමෙන් පත්වන්නන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවන මෙම කරුණු සම්බන්ධයෙන් ඉතා සාධාරණව  කටයුතු කර ඇත. ඡන්ද වකවානුවේ මෙසේ සිදුවන විමර්ශන සම්බන්ධයෙන් සැක පල වන බැවින් එකී විමර්ශන ඡන්දයෙන් පසු සිදු කරන ලෙස අප විසින් ඉල්ලා ඇත.

ඡන්ද කාලයේ දීර්ඝ කාලීනව පැවති විමර්ශන කටයුතු නතර කර ඇති බවත්ද අපට පෙනේ. 

උදාහරණයක් වශයෙන්,  ටිරාන් අලස්හි විමර්ශන කටයුතු ඡායා පිටපත් මගින් සාක්ෂි දිම අසීරු බව පවසමින් අතර මග නවතා ඇත. එපමණ කාලයක් එය කීමට ගතකලේ ඇයිද යන්න ගැටලුවකි. 

JMO හි සැකකරුවකු මියයාම මත එම නඩුවේ නියම මිනීමරුවන් සිටියදී වසීම් තාජුඩීන් නඩුව අවසන් කිරීම.

ඉහත කී කරුණු මත මැතිවරණ කොමිසම විසින් සියලු විමර්ශන මැතිවරණය අවසන් වනතෙක් කල් දමන ලෙස දන්වා ඇත.

Namal 2020.07.19එසේම 'මිනනල්' වැඩසටහන කල ශ්‍රී රංගා හදිසියේම අත්අඩංගුවට ගත් අතර එහිදී පලාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් විමර්ශන කටයුතු කල් දමන ලෙස මැතිවරණ කොමිසම දන්වන ලදී. එහිදී පොලීසිය කෘතඥපූර්වකය එය පිලිගන්නා ලදී. 

එසේම නාමල් රාජපක්ෂ හා සරණ ගුණවර්ධන සම්බන්ධයෙන් වූ විමර්ශන මැතිවරණය අවසන් වනතෙක් කල් දමන ලෙස මැතිවරණ කොමිසම කල ඉල්ලීමටද පොලීසිය ගරු කරන ලදී.

''පොලිසියට පොලිසියට ඇයි සති දෙකක් ඉවසන්න බැරි ඇයි ''

අද රිෂාඩ් ඉදියුදීන් 2019 අප්‍රේල් මස 21 වන දින සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධතාවයක් ඇත්ද යන්න සොයා බැලීමට විමර්ශන සිදු කරමින් පවතී. මාස 15 කට පසු නැවතත් මෙම විමර්ශන කටයුතු මැතිවරණයට සති දෙකක් තිබියදී පොලීසිය විසින් සිදු කිරීම? පොලිසියට ඇයි සති දෙකක් මැතිවරණය අවසන් වන තෙක් ඉවසන්න බැරි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බදියුදීන් මහතාට නිතර නිතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.

කොමිසම පොලිස්පතිතුමාට ලිපියකින් දැනුම් දී තිබෙනවා එකී විමර්ශන කටයුතු මැතිවරණය අවසන් වන තෙක් කල දමන ලෙස. රවි කරුණානායක් මහතාටත් මෙසේ පැමිණෙන ලෙස ඉල්ලා තියනවා...''

Hoole latter 2020.07.19