තරග පාවාදීම : මහින්දානන්දට එරෙහිව තවත් පැමිණිල්ලක් !

තරග පාවාදීම : මහින්දානන්දට එරෙහිව තවත් පැමිණිල්ලක් !

තරඟ පාවාදීම ගැන මහින්දානන්දගේ සාවද්‍ය ප්‍රකාශය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සමාජවාදී තරුණ සංගමය විසින් අද   දින (22) පොලිස්පතිතුමාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දෙනු ලැබිණ.   

පසුගිය දිනක හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් 2011 වසරේ පැවති ලෝක කුසලාන අවසන් තරගයේදී තරඟ පාවාදීමක් සිදු කළේ යැයි කරනු ලැබූ පැමිණිල්ල සම්බන්ධව පරීක්ෂණ සිදු කළ ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විශේෂ විමර්ශන ඒකකය එම චෝදනාව සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති බැවින් එම පරීක්ෂණ කටයුතු අවසන් කරනු ලැබිණ. 

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා වලට සම්බන්ධ අපරාධ වැළැක්වීමේ පනතේ 11(ඊ) සහ 13 වන වගන්තියට අනුව සාවද්‍ය ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධව හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමය විසින් පසුගි ජූලි මස 06 වන දින ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබිණ. 
 
එහෙත් මේ මොහොත වන තෙක් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගැනීමට සම්බන්ධව සහ හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමය විසින් මේ සඳහා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එරංග ගුණසේකර සහ ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන් වන නීතිඥ සුනිල් වටගල සහ නීතිඥ සුසන්ත දොඩාවත්ත සහභාගීව ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න