රිෂාඩ්ගේ ප්‍රකාශය ගන්න CID ය වව්නියාවට : රවීටත් එන්න කියලා !

රිෂාඩ්ගේ ප්‍රකාශය ගන්න CID ය වව්නියාවට : රවීටත් එන්න කියලා !

අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් හෙට (ජුලි 27) පෙරවරු 9.00 ට වව්නියාවට ගොස් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

එසේම, හිටපු අමාත්‍ය රවි කරුණානායක ද අධිකරණ නියෝග අනුව, හෙට (ජුලි 27 ) පෙරවරු 9.00  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබාදීමට නියමිතය. අදාල ප්‍රකාශය ලබාගැනීම පෙරවරු 9.00 සිට සිට පැය හතර හමාරක කාලයකට පමණක් සිමා කරන ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින විමර්ශනවලට අදාළව ප්‍රකාශය ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ට සහ රවි කරුණානායකට අධිකරණයෙන් ලබා දී තිබූ නියෝග විමර්ශන වලට සහ මැතිවරණ කටයුතුවලට බාධා නොවන පරිදි සංශෝධනය කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක තීන්දු කරනු ලැබුවේ ජුලි 24 වන දාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හමුවේ පවතින විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට 27 වන දා පෙරවරු 9.00 ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබුනේ ඉකුත් 21 වන දා ය.

තම සේවාදායකයින් මැතිවරණ අපේක්ෂකයින් වන බැවින් මෙම ප්‍රකාශ ලබාදීම සඳහා මැතිවරණයෙන් පසු දිනයක් ලබා දෙන ලෙසට හිටපු අමාත්‍යවරුන් දෙදෙනා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු ඉල්ලීමක් කළේය.

සැකකරුවන්ගේ මුලික අයිතීන් කඩවෙලා !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇතැම් සැකකරුවන් සම්බන්ධ විමර්ශන හිටපු රිෂාඩ් බදියුදීන් ගේ කට උත්තරයේ පමාව නිසා ඇනහිට ඇති බවත්, එයින් එම සැකකරුවන්ගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රිෂාඩ් බදියුදීන් ගේ ප්‍රකාශයෙන් පසු ඇතැම් සැකකරුවන් නිදහස් කිරීමේ හැකියාවක් ද පවතින බව කියා සිටියේය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හා හිටපු ඇමතිවරුන් දෙදෙනාගේ නීතිඥයින් කළ ඉල්ලීම් සැලකිල්ලට ගත් විනිසුරුවරයා ජුලි 21 නියෝග සංශෝධනය කළේය.

 රිෂාඩ් බදියුදීන් හා රවී කරුණානායක හිටපු අමාත්‍යවරුන්ට එරෙහිව සිදුකෙරෙන පොලිස් විමර්ශන කටයුතු මැතිවරණය අවසන් වනතෙක් අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසම විසින් වැඩබලන පොලිපතිවරයාට මිට ඉහත දී ලිඛිත දැනුම් දීමක් සිදුකර තිබිණ. රවී කරුණානායකට හා රිෂාඩ් බදියුදීන් වෙත මෙසේ දිගින් දිගටම බලපෑම් කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වාගෙන යාමට බාධාවක් වී ඇති බව මැතිවරණ කොමිසමේ අදහස විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න