Language Switcher

V2025

මහනුවර එජාපයෙන් පැන්නේ : පාක්ෂිකයන්ට රැකියා විකුණුව - රජයේ ඉඩම් කොල්ලයකෑ අයයි : මහේෂ් මහනුවරට ගිනි තියයි !

" එක්සත් ජාතික පක්ෂයෙන් ගිය සමහර අය ජනහමු අවස්ථාවේ කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කිව්ව නිසා ගියා කියලා, නමුත් මහනුවර තත්ත්වය අනුව නම් එජාපය අත්හැර ගිහින් තියෙන්නේ පාක්ෂිකයන්ට මුහුණදීමට නොහැකි අය. එතැන ඉන්නේ පසුගිය සමයේ රස්සා විකුණුව අය,  ආසන සංවිධායකයන් ගේ ලේකම් රස්සා විකුණලා, මේවා දැන් ජනතාව කියන්න අරගෙන. එක්සත් ජාතික පක්ෂයේ හොරු ඉඳලා නෑ. ජනතාව වෙත දෙන්න තියෙන රස්සා විකුණුව අය ඉඳලා නෑ." මාධ්‍යවේදී , එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.

පසුගිය සමයේ අවස්ථා කිහිපයක මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේ ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන  නියෝජනය සම්බන්ධව විවේචනාත්මක අදහස් දක්වනු දකින්නට ලැබිණ.
 
මේ සම්බන්ධව සිදුකළ විමසීමකදී ඔහු අවධාරණය කර සිටියේ තමන් සිදුකරන ප්‍රකාශය වල වගකීම තමන් ගන්නා බවත් හිටපු මාධ්‍යවේදියකු ලෙස තමන් කිසිවිටෙකත් මඩ හෝ අභූත චෝදනා දේශපාලන කටයුතු සඳහා යොදානොගන්නා බවය.
 
එසේම මාධ්‍යවේදියකු ලෙස මෙන්ම දේශපාලනඥයකු වුවත් තමන්ගේ ප්‍රතිපත්ති වල  වෙනසක් සිදුනොවන බවත් ඔහු පැවසීය.
 
රස්සා විකුණපු - ඉඩම් හොරු අටවගත්ත පක්ෂ වෙත පැනලා !
 
" දැන් බලන්න JR ජයවර්ධන වැනි උදාර නායකයන් රැකියා දුන්නේ job bank හදලා. තරග විභාග වලින් තමයි රාජ්‍ය සේවය සඳහා බඳවා ගත්තෙ. එහෙම කීර්තිමත් ඉතිහාසයක් අපිට තිබුණේ. මහනුවරටත් එහෙමයි. නමුත් දැන් එජාපය සමග ඉඳලා සියළු තනතුරු වරදාන ගත්තු අය මේ පාර පැනලා ගිහින් සිරිකොත අල්ලන්න කතා කරනවා බොරු පොරොන්දු ටිකක් ගැන කියවනවා.. ප්‍රතිපත්තියක් ගැන කිසිම සඳහනක් නෑ ,  මහනුවර අයට ඉතිං වෙන කතා කරන්න දෙයක් නැතුව වෙන්න පුළුවන්. මොකද ඒ එජාපය හැරගිය ලයිස්තුවේ ඉන්නේ රස්සා විකුණපු, රජයේ ඉඩම් හොරෙන් අල්ලගත්තු අය. කොහොමටත් මේ වගේ අය එක්ක පාක්ෂිකයන් එකතු වෙන්නේ නෑ." එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහේෂ් සේනානායක පවසයි.
 
මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙවර මහනුවරින් එජාපය හැරගොස් තාවකාලික පක්ෂ වෙත ගොඩවූවන්ට සිදුව ඇත්තේ අටුව කඩා පුටුව සෑදීමේ ආදිනවට සමාන තත්ත්වයක් බවයි.
 
පක්ෂයෙන් පැන්නේ පාක්ෂිකයන් වෙනුවෙන්ද ?
 
" පක්ෂ යාන්ත්‍රණයේ ඉඳලා විනාශ කරපු අය තමයි ගිහින් තියෙන්නේ. ඔවුන් ගියාට ජනතාව ගියේ නෑ. තමන්ට නොමිලේ ලබන්න  තිබුණ රස්සාව තමන්ට විකුණුව අය එක්ක ජනතාව යයිද ? රජයේ ඉඩම් ටික හොරෙන් අල්ලගත්තු අය එක්ක පාක්ෂිකයන් යයිද ? නෑ . මොකද පාක්ෂිකයන් එහෙම යන්න ඒ හොරෙන් අල්ලගත්තු රජයේ ඉඩම් ජනතාවට බෙදුවද ? නෑ . පරම්පරාවේ භූදල් වලට එකතු වුණේ. අන්න ඒ නිසා ඔවුන්ට අද මහා පරිමාණයෙන් සල්ලි යොදවන්න වෙලා , ජනතාව මිලදී ගන්න සහ රවට්ටන්න. නමුත් මට විශ්වාසයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාක්ෂිකයන් මෙවර හොඳ පාඩමක් උගන්වයි. ඇත්තම කිව්වොත් ඔවුන් වසර 20 ක පමණ කාලයක් තිස්සේ හෙම්බත් වෙලා ඉන්නේ." එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහේෂ් සේනානායක චෝදනා කරයි.
 
මෙහිදී ඔහු පසුගිය සමයේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දුන් මේ වන විට සමගි ජනබලවේගය ට එක්ව සිටින හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ගැනත් අදහස් දැක්වීය.
 
අවුරුදු 20ක් තිස්සේ අසාධාරණයට පත්වූ සැබෑ එජාප පාක්ෂිකයන් ඉරණම වෙනස් කරයි !
 
" හිටපු දිස්ත්‍රික් නායකයන් අවුරුදු 20ක් විතර කල දේවල් නිසා ඉතිහාසයේ එජාප බලකොටුවක් වූ මහනුවර ජන්ද පදනමට හානි වුණා. දැන් බලන්න ලක්ෂ්මන් කිරිඇල්ල එජාපය තුළ හිටියා තමයි. හැබැයි ශ්‍රීලංකාකාරයා (SLFP). එයා මෙහෙට ඇවිත් මොනවද කළේ ? එජාප ක්‍රියාකාරීන් විනාශ කරලා ඔහුගේ හෙංචයියන් තමයි ප්‍රාදේශීය සභා වලට ඉදිරිපත් කරේ. එහි ප්‍රතිඵලය තමයි ඔවුන් මේ පිරිස සමග පක්ෂයෙන් ගියා, දැන් ඔරිජිනල්  එජාපය තියෙන්නේ අර අටවගත්ත පක්ෂ ඇතුලේ කියලා බොරු මතයක් හදන්න උත්සාහ කිරීම.
 
නමුත් ඔය දේවල් වලින් මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් රවටන්න බෑ. ඔවුන් දන්නවා ඔය අටවාගත් පක්ෂයට පැන්න උදවිය බලය ඇති කාළේ සැබෑ එජාප පාක්ෂිකයන්ට කොහොමද සැලකුවේ යන්න. ලේකම් පාක්ෂිකයට රස්සාව විකුණුව බව නොදන්න බබාලා එදාා ප්‍රාදේශීය සභා අවස්ථා දුන්නේ ගේ ඇතුලේ බත් ගිලමින් හිටපු අයට. සැබෑ එජාප පාක්ෂිකයන් යටකරා. ඔවුන්ට අවස්ථාව දුන්නේ නෑ. දැන් ඔන්න ඔවුන් ඔවුන්ගේ නියම ස්වරූපය පෙන්නලා තියෙනවා. දුෂ්කර මොහොතේ පාක්ෂිකයන් තනිකර පැනලා ගිහින්. මම පැහැදිලිව කියනවා, සැබෑ එජාප පාක්ෂිකයන් , පුරවැසි , සිවිල් බලය ඇති එක්සත් ජාතික පක්ෂය සමග ඉන්නවා. අපේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය. අපේ ලකුණ අලියා. අපේ පාට කොල. ඔවුන් සිරිකොත අල්ලන්න උත්සාහ කරන විට අපේ උත්සාහය මේ ජන්දය තුළ  අරලියගහ මන්දිරය ඇල්ලීම. ඒ unp ආණ්ඩුවක් හදන්න.