දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හට මඩකලපුව මහාධිකරණයෙන් එම අවසරය ලබා දී තිබේ.
එමෙන්ම දැනට මරණ දඬුවමට නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එල්.ප්‍රේමලාල් ජයසේකර ද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර ලැබී තිබේ. ප්‍රේමලාල් ජයසේකර විසින් සිය මරණ දඬුවවමට එරෙහිව අභියාචනාධිකරණය වෙත කරන ලද අභියාචනය පාර්ලිමේන්තුවට එවා ඇති අතර එය පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලදුව පාර්ලිමේන්තු රැස්වීමට ඉඩකඩ සලසා දෙන මෙන් දන්වා ඇති බවත් වාර්තා වෙයි.

