කිනියාවල පාලිත හිමිගේ රනිල් විරෝධය පෞද්ගලික ආරෝවක් !

කිනියාවල පාලිත හිමිගේ රනිල් විරෝධය පෞද්ගලික ආරෝවක් !

පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ කඩිනමින් ඉවත්කිරීම සඳහා කිනියාවල පාලිත හිමි දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින්නේ දේශපාලන හේතුවකට වඩා පෞද්ගලික ආරෝවක් මත  බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

කිනියාවල පාලිත හිමිගේ එම ආරෝවට හේතුව ලෙස එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ  පසුගිය ආණ්ඩුව සමයේ එම හිමියන්ට ආණ්ඩුවේ ආයතනයක තනතුරක් නොදීම බවය.

යහපාලනය ආරම්භයේ කිනියාවල පාලිත හිමි රාජ්‍ය අනුබද්ධ ලංකා හොස්පිට්ල් හී අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා පත්කර සිටියත් වසර එකහමාරකින් පමණ පසුව  එම හිමියන්ට අධ්‍යක්ෂ මණ්ඩල තනතුර අහිමිවූ බවත් එම ආරංචි මාර්ග සිහිපත් කරයි.

අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට මෙයින් අනතුරුව කිනියාවල පාලිත හිමි ට රාජ්‍ය ආයතනයක තනතුරක් ලැබී නැත. 

සැබවින්ම ඊට හේතුව පිරිවෙන් මණ්ඩල සහ විශ්ව විද්‍යාල සඳහා හැර වෙනත් කිසිම රාජ්‍ය ආයතනයක තනතුරක් සඳහා පූජ්‍ය පක්ෂයේ කිසිවෙකු පත්නොකිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන සිටීමය.

ඒ එවැනි තනතුරුවලට පූජ්‍ය පක්ෂය පත්කිරීම හරහා අදාළ ආගමට සහ භික්ෂූත්වයට හානිකර බවට වන නිවැරැදි පුරෝකතනය අනූවය. එපමණක් නොව ගතවූ ඉතිහාසය තුළ එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රතිපත්තිය ආරක්ෂා කර ඇත. 

එහෙත් මේ  සම්බන්ධව කිනියාවල පාලිත හිමි ආරෝවෙන් සිටින්නේ එවකට අග්‍රාමාත්‍ය , එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ගනුලැබූ පෞද්ගලික තීරණයක්  හේතුවෙන් තමන්ට රාජ්‍ය ආයතනයක තනතුරක් නොලැබීගිය බවය.

භික්ෂුන් සහ පූජ්‍ය පක්ෂයේ කොටස් විවිධ  රාජ්‍ය ආයතන තනතුරු සඳහා වැඩිවශයෙන් පත්කොට තිබුණේ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ බවත් එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න