මාතලේ නගරාධිපති ඩල්ජිත් තනතුරෙන් දොට්ට !

මාතලේ නගරාධිපති ඩල්ජිත් තනතුරෙන් දොට්ට !

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේට  එම ධුරය දැරිම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවිමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ පියවර ගෙන තිබේ.

නගරාධිපතිවරයා විසින් සංශෝධිත මහ නගර සභා ආඥා පනත යටතේ වැරදි සිදුකර ඇද්ද යන්න පිළිබඳ මාස තුනක කාලසීමාවක් තුළ පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරිම සඳහා කොමිෂන් සභාවක් ද පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.ඒ වෙනුවෙන්  විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන පත්කර ඇත.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග මත ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ද නිකුත් කර තිබේ.ඊට අමතරව මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යන් ඉටු කිරීම නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතාට පැවරීමට ද අදාළ ගැසට් නිවේදනයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබේ.

තවද  මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් ගැසට් නිවේදනය නිකුත් කරමින් තමන්ට පැවරී ඇති බලතල අනුව 2020 අගෝස්තු 25 වන දින අංක 2190/24 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මාතලේ නගරාධිපතිවරයාගේ සේවය අත්හිටුවීම සිදුකර ඇති අතර මාස 03 ක කාලසීමාවක් ඇතුලත පරික්ෂාකර කරුණු වාර්තා කිරීමට කොමිසමට බලතල ලබා දී ඇති බව සඳහන් කර ඇත.

ඒ අනුව 1989 අංක 12 දරණ පළාත් සභා ( අනුසාංගික  විධිවිධාන) පනත 02 යටතේ 02 නන වගන්තිය සමග කියවියයුතු සංසෝධිත මහනගර සභා ආඥාපනත යටතේ (252 අධිකාරිය) 277  (i) ( ආ) ( අ) මෙම නියෝගය ආණ්ඩුකාරවරයා විසින් නියෝග කර තිබේ.ඩල්ජිත් අලුවිහාරේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කර අදාළ නගරාධිපති ධූරයට පත්වූ නමුත් පසුගිය සමයේ ඔහු සමගි ජනබලවේගය වෙත සහය දැක්වීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න