ජාතියම රැවටුවා - අපේ ජනබල පක්ෂය පෞද්ගලික ව්‍යාපාරයක් ! (video )

ජාතියම රැවටුවා - අපේ ජනබල පක්ෂය පෞද්ගලික ව්‍යාපාරයක් ! (video )

සිංහල ජාතිය බෞද්ධාගම ආරක්ෂා කරන, රටේ ජාතික සම්පත් රකින නව දේශපාලන සංස්කෘතියක් ගැන කියමින් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වූ අපේ ජන බල පක්ෂය ( විසින් ජාතියත් ජනතාවත් රැවටූ බවත් එය ලැබුණු ජාතික ලැයිස්තු  මන්ත්‍රී ධූරයට පොරකන මේ මොහොතේ පමණක් නොව එම පක්ෂයේ නාම යෝජනා ලැයිස්තු සකස්කළ ආරම්භක මොහොතේ පවා දක්නට ලැබුණු බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක ලෙස නාම  යෝජනා ලබාදුන් කෞශල්‍යා අබේවික්‍රම  පවසයි.

එහි නායකත්වය විසින් ගනුලැබූ ඇතැම් තීන්දු තීරණ හමුවේ රට ජාතිය ආරක්ෂා කරන බව පවසමින් සංවිධාන ගොඩනගා  ගෙන සිටින ප්‍රභල භික්ෂුන් නිරුත්තරව ගිය ආකාරයත් ඒ තුළ අනාවරණය වෙයි.

විශේෂයෙන් පෙර සකස්කර අවසන්කර අපේ ජනබල පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්ය වෙනුවෙන් නායකත්වය දැරූ අක්මීමණ දයාරත්න හිමියන් සතුව තිබූ නාම යෝජනා පත්‍රය ඊට පසුදින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන ප්‍රසන්න සෝලංගආරච්චි සහ ඔහුගේ බිරිඳගේ නම් ඇතුළත් කරමින් සංශෝධනය කළ අවස්ථාව කෞශල්‍යා අබේවික්‍රම අනාවරණය කරයි.

කෞශල්‍යා අබේවික්‍රම මේ අදහස් දක්වා ඇත්තේ colombo bar talk යූ ටියුබ් චැනලය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය. එසේම පක්ෂ ප්‍රධානීන් ගනුලැබූ තීන්දු තීරණ හේතුවෙන් බොහෝ දෙනෙකු ආරම්භක අවස්ථාවේම පක්ෂය හැර ගිය බවත් ඒ තුළ පෙන්නුම් කෙරුණේ ජාතික ව්‍යාපාරයක් නොව පෞද්ගලික ව්‍යාපාරයක් වැන්නක් බවත් ඇය පවසයි.

පසුගිය මහ මැතිවරණයට ජාතික ව්‍යාපාරයක් නියෝජනය කරන ආකාරයේ පක්ෂයක් අවශ්‍ය වූයේ අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසකට ජාතික සමගි බලවේගය පක්ෂයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නාම යෝජනා හිමි නොවූ නිසා බවත් ඇය පවසයි.

colombo bar talk යූ ටියුබ් චැනලය විසින් කෞශල්‍යා අබේවික්‍රම සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න