රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන් පරීක්ෂා කරයි !

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්කරුවන් පරීක්ෂා කරයි !

රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරිමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (03)  පැවති මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් වෙත උපදෙස් ලබා දෙන ලදී.  

මේ සම්බන්ධව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය  නිවේදනයක් නිකුත්කර ඇති අතර එහි මෙසේද දැක්වෙයි කොළඹ රත්නපුර එක්කෙරෙන රුවන්පුර අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට පැල්මඩුල්ල දක්වා කිලෝ මීටර් 73.9ක් පුරා විහිදේ. එහි පලමු අදියර ලෙස කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට ඉංගිරිය දක්වා කි.මි. 24.3ක් ඉදිකරනු ලබයි.

දෙවන අදියර ලෙස ඉංගිරියේ සිට රත්නපුර දක්වා කි.මි.21ක් ඉදිකරන අතර රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා කි.මි.28.6ක් ඉදිකරනු ලබන්නේ ව්‍යාපෘතියේ තුන්වන අදියර ලෙසය.

වසර තුනක් වැනි කාලයක් තුලදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට සැලසුම් කර ඇත. පළමු අදියර යටතේ කහතුඩුව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සිට ඉංගිරිය දක්වා කි.මි. 24.3කින්  ඉදිකරනු ලබන කොටස සදහා රුපියල් බිලියන 80ක පමන ඇස්තමේන්තු ගත මුදලක් වැය වේ.

මෙම ඉදිකිරිම් සදහා සුදුසුකම් ලත් දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීම අද දින (2020-09-03) සිදු කරන ලදී.

මේ අවස්ථාවට ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි ඇතුළු මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න