වසර 72 ටම ණය රුපියල් කෝටි ලක්ෂ 14 යි : ගෝඨාභය වසරට කෝටි ලක්ෂ 3 යි !

වසර 72 ටම ණය රුපියල් කෝටි ලක්ෂ 14 යි : ගෝඨාභය වසරට කෝටි ලක්ෂ 3 යි !

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව මෙම වසර සඳහා ලබා ගැනීමට නියමිත මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි තුන්ලක්ෂ පන්දහස (රුපියල් කෝටි 30,5000) ඉක්මනවන බව නිල තොරතුරුවලින් අනාවරණය වෙයි.

ගෙවී ගිය වසර 72ක කාලය පුරාම පැවති ආණ්ඩු විසින් ලබාගන්නා ලද මුළු ණය ප්‍රමාණය 2019 වර්ශය අවසාන වනවිට රුපියල් කෝටි ලක්ෂ 14ක් වී තිබියදී වසරක් තුළ මෙම ණය ප්‍රමාණය ලබාගෙන තිබීමත් අතිශය බරපතල තත්වයක් බව තහවුරු වී තිබේ.

මෙම වසර වෙනුවෙන් දැනට නිල වශයෙන් හෙළි වී ඇති ණය පිළිබඳ මූලාශ්‍ර මෙසේ ය.

ජනාධිපතිවරයා විසින් මහ බැංකු නිලධාරීන් ගෙන්වා තර්ජනය කිරීමෙන් පසු ව එම බැංකුව නිකෙුත් කළ නිවේදනයක් අනුව භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර මගින් රුපියල් කෝටි ලක්ෂයක් ජූනි මාසය මුල වනවිට ලබාගෙන තිබූ අතර අගෝස්තු 27 වෙනි දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසර්ජන යෝජනාව අනුව රුපියල් කෝටි 130,000 ඉන් දිනකට පසු අගෝස්තු 28 වෙනි දින දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව රුපියල් කෝටි 75,000ක් ණය ප්‍රමාණයක්ද ලබාගැනීමට නියමිත ය.

මේ අනුව දැනට හෙළිවී ඇති මූලාශ අනුව මෙම වසර තුළදී අවම වශයෙන් රුපියල් කෝටි 305,000ක ණය ලබාගැනීමට ආණ්ඩුව සූදානම්වන බව තහවුරු වී ඇත.

(Lanka truth )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න