Language Switcher

V2025

අනාවිලුන්දාව පිටුපස ඇමති සහෝදරයෙක් !

අනාවිලුන්දාව රැමිසා තෙත් බිමි 2020.08.25 හා 26 දින ඩී ටු වර්ගයේ ඩොසර් රථයක් යොදාගනිමින් ඉස්සන් වගාවක් සදහා විනාශ කරන ලද්දේ රාජ්ය අමාත්ය- ධීවර හා මිරිදිය මත්ස්ය කර්මාන්ත  සනත් නිශාන්ත මහතාගේ සහොදරයා විසින් බව ආනවිලුන්දාව පරිසර සංහාරය සමිබන්ධව රජය විසින් සකස් කරන ලද වාර්ථාව විසින් පෙන්වා දේ . 

එම වාර්ථාවට අනුව ඩෙසරයේ හිමි කරු වන පොරුතෙටගේ සුජිත් නිශාන්ත ප්රනාන්දු යන අය විසින් ඉහත පෙන්වා දුන් දෙදිණ තුල ආනවිලුන්දාව රැමිසා භූමිය තුල පහිටි මෙම ඉඩම අවනසරයෙන් විනාශ කරන ලද්දේ ආරචිචි කටිටුව ප්රදේශිය සභාවෙි හිටපු සභාපති වන රාජ්ය ජගත් සමන්ත මහතාගේ උපදේස් අනුවය .

රාජ්ය ඇමති සනත් නිශාන්ත මහාතාගේ සෙහොයුරා වන ජගත් සමන්ත මහාතා මෙම රැමිසා අභය භූමිය වනසන්නේ  සිය සෙහොයුරාගේ දේශපාලන බලපුලුවන් කාරකමි භාවිතයට ගනිමින් වන අතර ඒ සදහා පළමුව විරෝධය දැක්වූ වනජීවි නිලදාරීන්ටද කටපියාගන සිටින ලෙස දැනුමි දී තිබීණි. අමාත්යවරයාගේ සෙහොයුරා විසින් ඩෙසර් දමා විනාශ කරල ලද මෙම භූමිය පෙරදී ඉස්සන් වගා සදහා භාවිතා වුනද 1997 වර්ෂයේ අභය භුමියේ කොටසක් ලෙස 979/ 15 /97-- 06 -11දරණ ගැසටි පත්රය මගින් ප්රකාශයට පත්කර ඇත.

1971 පෙබරවාරි  02 දින ඉරාණයේ රැමිසා නුවරදි අරමිභ කරනලද රැමිසා සමිමුතිය යටතේ තෙත් බිමක් ලෙස ඇතුලත් කර ඇති මෙම භුමිිිය ලංකාවේ ඇති රැම්සා බිමි අතරින්  2001 වර්ෂයේ  අගොස්තු තුන්වන දින රැමිසා තෙත් බිමක් ලෙස නමි කරන ලද අතර මෙම තෙත් භුමිය 1997. ජුනි මස 11 වන දින වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භෑම්යක් ලෙස නම්කර ඇත.    

අමාත්ය වරයාගේ සෙහොයුරා තම දේශපාලන බලය යොදාගනිමින් විනාශ කරන ලද ප්රදේශය වන සංරක්ෂණ  දෙපාර්තමේන්තුව කඩොලාන නැවත් ස්ථාපිත කර අධක්ෂණ මටිටමින් පවත්වාගන යාමට සැළසුමක කරන ලද ප්රදේශයකි. හෙක්ටයාර් 1 400 ලෙස තීබු මෙම රැමිසා භූමිය ප්රධාන පරිසර පද්ධති ත්රිත්වයක් එක භූමියක දැක ගත හැකි ප්රදේශයකි, කිවුල් දිය කලපු පරිසර පද්ධතිය එක් පසකිනුත් , වෙරළ පරිසර පද්ධතිය තව පසකිනුත් "ගොඩබිමි පරිසර පද්ධතය සුවිශේෂි වු ජෛව විවිධත්වයකිනු සමන්විත බිම  පුරාණ වාරි පරිසර පද්කධතයෙනුත් මෙය සමන්විතය.   

පං කටිටය වැව මරදන්සොල වැව ආනවිලුන්දාව වැව, මයියාව වැව,සුරැවිල වැව හා වෙිල්ලවාලි වැව යන පුරැාණා එල්ලංගා පද්ධතියේ ජල පොෂක ප්රදේශයයක් ලෙසත් මෙය මෙකි තේත් බිමෙන් පොෂණය ලබන අතර එම වාරි පද්ධතිය සමග මුලු වැවිි 11 ප්රමාණයක් තෙත් භුමය ඇතුලත හා ඒඅවට දැකගැ ණිමට හැකිය. ජලජ පක්ෂින් ඇතුලු පක්ෂි විශේශෂ 120 අ්ධික පිරිසක් මෙම තෙත් භූමයේ නිරික්ෂණය කල හැකි අතර බොහො සංචාරක පක්ෂින්ගේ  පළමු නවාතැන බවට ⁣⁣මෙය පත්වෙි.බොහො පක්ෂින් රට අභ්යන්තරයට හා රටෙි දකුණු  දෙසට ගමන් කරන්නේ ආනවිලුන්දාාව තෙත් භූමියලතුල විඩා නිවීමෙින් අනතුරැවයි. 

Opens bill, Great comrent, white ibis, Stalk, Pheasant  tailes jacana, ඇතුලු පක්ෂි විශේෂ  වල විශාල ජනාවාස මෙහිදි දැක ගත හැකිය.  

විශේශෂ   ලංකාවෙින් හමුවන සංක්යාවආනවිලුන්දාවෙින් හමුවන සංක්යාවප්රතිශතය

Plants  3154 255 8.08

Butterflies  249 69 27.71

Dragonflies  130 22 16.09

Fish  113 29 25.66

Amphibians  119 09 7

Birds  424 120 26

Mammals  125 20 16

Reptiles  208 28 14.4

ජෛව විවිධත්වය අතින් ඉතාමත් ඉහළ ප්රදේශයක් වන ආනව්ලුන්දාව රැමිසා තෙත් බිම 2008 වර්ෂයේ සිට විටින් විට විනාශ වු අතර එම ප්රදේශයේ ජනතාව තෙත් බිමට අයිති ඉඩමි අල්ලා ගැනීම, දේශපාලන බලහත් කාරකමි මත ඉඩමි ඉස්සන් වගාවට හා පුද්ගලික අයිතියට පැවරම හා කර්මාන්ත ශාල වල අවශ්ය ඉඩමි මෙම භුමියෙන් නිදහස් කිරීම කිරීම නිසා පසුගිය වසර 15 පමණ සිට මෙහි විනාශය ඇරබුනි. 

එය එතනින්ද නොනවති වර්ථමාන රජය විසින්ද මෙහි ඉඩමි තම හිතවතුන්ගේ ඉස්සන්වගා ව්යාපෘති සදහා අද වනවිට විනාශ කිරීමට ලබාදී ඇත. මෙය වන සත්ව හා වෘක්ෂලතා  ආඥාපනත හා ජාතික පාරිසරික පනත අහු අමුවෙි උල්ලංඝනය  කිරීමකි වන අතර  මෙවැනි පරිසර ප්දධතියක විනාශ  කිරීමට ඉඩ දිම පරිසර පද්ධතියක් විනාශ කරීමක් මෙන්ම රටෙි  අනාගත ආර්ථකයටද සැලකිය යුතු බලපෑමක් වන කාරණයිකි.

අනාවිලුන්දාව අභය භූමිය විනාශ කරන ලද රියදුරු හා ඩොසර් රථය අත්තඩංගුවට ගත්තද මෙම සිදුකිරීමට දේශපාලන බලය භාවිතා කල රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහාතගේ සෙහොයුරා වන ජගත් සමන්ත මහාතා මෙි වන තෙක් අත්තඩංගුවට ගෙන නොමැත.

නමත් ආනවිලුන්දාව පරිසර සංහාරය සමිබන්ධ සිදුකල වාර්ථාවෙි ජගත් සමන්ත මහතා ආනවිලුන්දාව අභය භූමිය විනාශයට ඝෘජුව සමිබන්ධ බව පෙන්වා දී ඇත. තම සෙහොයුරාගේ දේශපාලන අතදැමිම මත ඔහු අත්තඩංගුවට මෙය පරිසර නීතිය අනුව වරදක් වෙි.

රිසර සංහාරකයෙකු උවද දේශපාලන බලපුලුහමි කාර කමි ඇත්නමි ඔහුට එම විනාශය කිරීමට රජය පවා ඉඩදී ඇති අපුරුව පෙනෙන්ට ඇත. පරිසර සංහාරට සමිබන්ධ බලයට පත් පාර්ශවයට එල්ල වන චෝදනා වලින් නිදහස් විමට කුමන වාර්ථා සකස් කලද වාර්ථාව පමණක් ඉතිරි වී අනවිලුන්දාව විනාශ වි ඇත. සංහාරකයින් දේශපාලන බලපුලුවන් කාරකමි මත තවත් ජාවාරමි වල නිරතවෙිමින් ඇත.

Ravindra Kariyawasam