මෙන්සස් බද්දත් සාධාරණීකරණය කරන නරුමයින් පිරිසක් !

මෙන්සස් බද්දත් සාධාරණීකරණය කරන නරුමයින් පිරිසක් !

"සනීපාරක්ෂක තුවා කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් මිසක්, සුඛෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි. ලංකාවේ අද සනිපාරක්ෂක තුවා මත 51% ක බද්දක් පටවා තිබෙනවා. එහෙම තියෙද්දී, සෞභාග්‍ය යේ ආණ්ඩුවේ 15% ‘මෙන්සන් බද්ද‘ සාධාරණීකරණය කරන්න නරුමයින් පිරිසක් උත්සහ දරනවා යැයි" පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි  කවිරත්න පවසයි.

ඇය මේ බව සඳහන් කරන්නේ අද (26) විශේෂ  නිවේදනයක් නිකුත් කරමිනි.

අදාළ නිවේදනය නිකුත්කරමින් මන්ත්‍රීවරිය වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

2018 වන විට සනීපාරක්ෂක තුවාමත 101.2% ක බදු ගැහුවා.  15% ක වැට් බද්ද, 30% ක රේගු බද්ද, 2% ජාතිය ගොඩ නැගීමේ බද්ද, සෙස් බද්දට අමතරව එයට අතුළත් වුණා. යහපාලන ආණ්ඩුව මේ බදු අඩු කලා.  එය සමාජ ක්‍රියාකාරීන්ගේ ඉල්ලීමක් ඉටු කිරීමක් වගේම කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ගත්ත පියවරක්.   එයින් මිලියන 4.2 ක් වන කාන්තාවන්ට සහනයක් ලැබුණා. 

ලංකාවේ සනීපාරක්ෂකු තුවා භාවිත කරන්නේ කාන්තාවන්ගෙන් 32% කට අඩු ප්‍රමාණයකි. ඉතිරිය සෞඛ්‍ය ආරක්ෂාවක් නොමැති උපක්‍රම, රෙදි මේ සමයේ දී යොදා ගන්නවා.  කාන්තාවන් සියළු දෙනාට දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට පරිසරයක් නිර්මාණය කිරීම ශිෂ්ඨ සමාජයක වගකීමක්.  ලංකාවේ දරුවන්ගෙන් 60% ක් ඔසප් දිනවල පාසලට පැමිණෙන්නේ නැති බව ගුරුවරියක විදිහට මම හොඳින්ම දන්නවා.  ‘මෙන්සස් බද්ද‘ සාධාරණීකරනය කරන්න පුළුවන් ශිෂ්ඨත්වයක් නැති නරුමයින්ට පමණයි.   

දේශිය කහ නිෂ්පාදනය වැඩි කරන්න කියලා කහ ආයනයන නැවැත්වූවා. දැන් හොද්දකට දාන්න කහ ටිකක් නෑ. කහවලට සිද්ධවෙච්ච දේ සනීපාරක්ෂක තුවායට වැඩිකල් නොයාම සිදුවෙයි.  දීර්ඝ කාලයක්, තිබුණ 40% ක සෙස් බද්ද 2018  දී යහපාලන ආණ්ඩුව විසින් ඉවත් කළා.  දැන් එ් සෙස් බද්ද 15% ක් ලෙස නැවත පනවා තිබෙනවා. ළමා ඩයපර් විතරක් නෙවෙයි රෝගී වැඩිහිටියන්ගේ අවශ්‍යතා සඳහා භාවිත කරන ඩයපර් පවා නව සෙස් බද්දට යටත් කොට තිබෙනවා. ‘මෙන්සස් බද්ද‘ වගේම රෝගීන් ගේ මල මුත්‍ර ටිකෙනුත් බදු ගන්න ආණ්ඩුවක් බවට රජය පත්වී තිබෙනවා‘ යැයි ද කවිරත්න මහත්මිය ගේ නිවේදනයේ දැක්වේ.    

දැන් ස්කොට්ලන්තය සනීපාර්ක්ෂක තුවා නොමිලේ ලබාදීමට කටයුතු කරනවා. හැබැයි, ලංකාවේ එදා යහපාලන ආණ්ඩුව ඉවත් කළ සෙස් බද්ද නැවත පනවනවා. විදේශ රටවල නිෂ්පාදනය කරන ඩයපර් තත්වයෙන් හා තාක්ෂණයෙන් උසස් නිසා තමයි පාරිභෝගිකයා ඒවා මිලදී ගන්නේ. දේශීය නිෂ්පාදනයේ තත්වය හා තාක්ෂණය ඉහළ දැමීමට කියා සෙස් බදු ගැසීම සාධාරණීකරනය කරන්න බෑ. ජාතික ආරක්ෂාව, මේ ආණ්ඩුවේ කෝටටත් තෛලය බවට පත්වෙලා තියෙනවා. 

ජාතික ආරක්ෂාවෙන් පොඩි දරුවා මළ පහ කරන එක නවත්වන්න බෑ. රෝගී වැඩිහිටියන්ගේ මළ මුත්‍ර පහවීම වගේම කාන්තාවන්ගේ ඔසප් චක්‍රය නවත්වන බෑ. 

‘මෙන්සස් බද්ද‘ හරහා කරලියට ඇවිල්ලා තියෙන්නේ මේ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය යි. නරුමකමයි.  වැට්, සෙස්, රේගු, ජාතික ගොඩනැගීම ආදී වශයෙන් සනීපාරක්ෂක තුවායකට 51% ක් දැනට බදු ගහනවා.  ‘මෙන්සස් බද්ද‘ කියන්නේ අශිෂ්ඨත්වයේ ප්‍රතිමූර්තිය වන්නේ ඒ නිසයි.   

දේශීය නිෂ්පාදනය ඇති කරන කල්, සනීපාරක්ෂක තුවා සඳහා වන සියළුම බදු අඩු කර කාන්තාවන්ට දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමේ පහසුව හිමි විය යුතුයි ද  එම නිවේදනයේ සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න