රජයට ශක්තියක් වීමට” TV ලොක්කෝ දැන්වීම් ඉල්ලති !

රජයට ශක්තියක් වීමට” TV ලොක්කෝ දැන්වීම් ඉල්ලති !

වසංගත සමයේ ආණ්ඩුවේ ප්‍රතිරූපය ඉහල නැංවීම වෙනුවෙන් රජයේ දැන්වීම් දිගටම ලබා ගැනීමට දිවයිනේ ප්‍රධාන පෙලේ පෞද්ගලික රූපවාහිනී ආයතන ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම බලාපොරොත්තුවෙන් සිටී.

රජය දැන්වීම් ලබා දීම නවතා දැමුවොත් කෝවිඩ් 19 වසංගත තත්වය නිසා ගැටළු රැසකට මුහුණ පා සිටින තමන් දැඩි අර්බුදයකට මුහුණ පානු ඇතැයි රූපවාහිනී ආයතන කිහිපයක් එක්වී අලුතින් පිහිටුවාගෙන ඇති සංවිධානයක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට ලියා යවා තිබේ.

“කෝවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් ජනතාව නිරන්තරයෙන් දැනුවත් කරමින් මෙම තීරණාත්මක අවස්ථාවේ මෙරට ජනමාධ්‍ය සිදු කරන මෙහෙවර සුවිශේෂී බව අවිවාදිත” යැයි පුරාජේරුවක්ද ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය නම් එම සංවිධානයේ සභාපති අසංග ජයසුරියගේ අත්සනින් යුතු ලිපියේ සඳහන්ය.

රුපවාහිනී නාලිකා ප්‍රධානීන් අනාගත අර්බුදයක බිය පල කර ඇත්තේ ආණ්ඩුවේ දැන්වීම් ලබාදීමට සීමා පනවමින් ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නියෝගයක් නිකුත් කිරීමෙන් අනතුරුවය.

“සියලු වෙළෙඳ දැන්වීම් සහ ප්‍රචාරක වැඩ සටහන් අත්හිටුවා, එවැනි වියදම් ආණ්ඩුවේ ජාතික සංවර්ධන සැලැස්මට අනුගතව ආයතනයේ ව්‍යාපාරික දියුණුව වෙනුවෙන් සිදුකරනු ලබන බවට සහතික වන මෙන් සියලු සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දෙන ලෙස අතිගරු ජනාධිපති වරයා මට නියෝග කර තිබේ,” යි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර විසින් නොවැම්බර් 18 දා යවන ලද ලිපියේ සඳහන් වෙයි.

2021 අයවැය විවාදයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනුණු දිනයේදීම රජය විසින් තහංචියක් පැනවීම සම්බන්ධයෙන් කනගාටුව පලකරන ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා තමන්ට අවස්ථාවක් ලබාදෙන මෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ ලිපි ශීර්ෂයේ දැක්වෙන පරිදි නව සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක TNL මාධ්‍ය ජාලයේ ශාන් වික්‍රමසිංහයි. දෙරණ මාධ්‍ය ජාලයේ ලක්සිරි වික්‍රමගේ ලේකම් වශයෙන්ද, වී FM හි ශනිල් මෙන්ඩිස් භාණ්ඩාගාරික වශයෙන්ද කටයුතු කරති.

IMG 20201127 WA0000

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න