කැළණි ගඟේ ජල දූෂණය හොයන්න : කෝප් කමිටුව online රැස්වෙයි !

කැළණි ගඟේ ජල දූෂණය හොයන්න : කෝප් කමිටුව online රැස්වෙයි !

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම අද (26) online තාක්ෂණය ඔස්සේ ප්‍රථම වරට රැස්වීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය උපුටා දක්වන මාධ්‍ය වාර්තා අනුව කැලණි ගගේ ජල දූෂණය සම්බන්ධයෙන් Online තාක්ෂණය ඔසේ කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා, රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි  Online තාක්ෂණය හරහා එම සාකච්ඡාවට සම්බන්ධ කර ගැණෙනු ඇත.

මීට අමතරව වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන්, ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් අද කෝප් කමිටු රැස්වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කර තිබේ.

කොරෝනා සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් කොප් කමිටු කටයුතු සිදු කෙරෙන බැවින් කොප් කමිටුවට පැමිණෙන පිරිස අවම කර ගැනීමට සහ කමිටුවේ කටයුතු කාර්යක්ෂම කර ගැනීමට මෙලෙස Online තාක්ෂණය යොදාගැනීම අරමුණ වී ඇති බවත් සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න