අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාගේ ඇප ඉල්ලුම් පත , ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (09) ප්‍රතික්ෂේප කළේ ය.
මීට අමතරව ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතාගේ ඇප ඉල්ලුම්පත ද විනිසුරුවරයා ප්‍රතික්ෂේප කරනු ලැබී ය.
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බංඩාර මහතා ඇතුළු තවත් නීතිඥ කන්ඩායමක් ගම්පහ මහාධිකරණය හමුවේ ඇප අයදුම්පත් ගොනු කර තිබුණි .
ඇප අයදුම්පත්වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා විරෝධතා ඉදිරිපත් කර තිබු අතර, දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේ ය.

