නත්තල් සමයේ ජනතාවට විශේෂ උපදෙස් මාලාවක්

නත්තල් සමයේ ජනතාවට විශේෂ උපදෙස් මාලාවක්

නන්තල් සහ උත්සව කාලසීමාව තුළ මහජනතාවගේ අවධානය යොමු විය යුතු විශේෂ කරුණු කිහිපයක් පිළිබද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා ආයතනික මට්ටමින් හා ජනතාවගේ උපරිම දායකත්වය එම කරුණු සදහා අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සදහන් කරයි.

මහජනතාවගේ අවධානයට ලක්විය යුතු විශේෂ කරුණු 10 ක් පහත සදහන් වේ.

  1. මෙවර නත්තල් සමයේ / උත්සව සමයේ සාප්පු සවාරි සීමා කරන්න.

  2. අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට යන විට ඔබේ පවුලෙන් එක් අයෙකු පමණක් යන්න.(වෙනදා මෙන් පවුලේ සාමාජිකයින් කැටුව නොයන්න)

  3. හැකි සෑම විටම ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබේ නිවස අසළම ඇති වෙළඳසැලෙන්, පිරිස අඩුවෙන් ගැවසෙන වේලාවක ගොස් මිලදී ගන්න.

  4. පිරිස ඒකරාශී වන ප්‍රිය සම්භාෂණ, වෙනදා මෙන් මේ උත්සව සමයේ සංවිධාන කිරීමෙන් වළකින්න. ඔබේ නිවසේ සාමාජිකයින් අතර පමණක් මෙවර නත්තලේ සතුට බෙදාගන්න.

  5. නත්තලේ සතුට සැමරීම සඳහා එකිනෙකා මුණගැසී, සුබ පැතිමේදී සිප වැළඳගැනීම්වලින් වළකින්න. නිසි පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සුබ පතන්න.

  6. බෝනොවන රෝග/නිදන්ගත දිගුකල් පවතින රෝග ඇති හා වයස්ගත පුද්ගලයින්ට මෙම වෛරසයේ සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. ඒ නිසා වැඩිහිටියන් වෛරසයට නිරාවරණය වීම අවම කරන්න. ඒ සඳහා ඔවුන්ව පිරිස ගැවසෙන ස්ථානවලට කැඳවාගෙන යෑමෙන් වළකින්න. අමුත්තන් නිවසට කැඳවීම සීමා කරන්න.

  7. භාණ්ඩ මිලදී ගැනීමට පෝලිම්වල සිටින විට නිසි පරතරය පවත්වා ගන්න. නිසි පරතරයෙන් නොසිටින කෙනෙකු වේ නම් ඔහුට හෝ ඇයට ඔබ සමග නිසි පරතරයෙන් සිටින ලෙස දන්වන්න. ඔබට ඒ සඳහා අයිතියක් ඇත. එසේම එය ඔබගේ සමාජ වගකීමකි.

  8. “Online” පහසුම් ඇති අවස්ථාවකදී භාණ්ඩ මිලදී ගැනීම සඳහා එම සේවාව භාවිත කරන්න.

  9. විනෝද චාරිකා හා නෑ ගමන් යෑමෙන් වළකින්න/සීමා කරන්න.

  10. මීට අමතරව ඔබ නිවසින් පිටතට යන විට නිසි පරිදි මුව ආවරණ පැළඳීම, පුද්ගලයන් අතර නිසි පරතරය පවත්වා ගැනීම, දෑත් සේදීම වැනි සුපුරුදු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න