මෙම ස්වාමින් වහන්සේ කිසියම් හෝ අයෙකු විසින් ඝාතනය කොට දියේ ගිල්වා හෝ දියේ ගිල්වා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
වයස අවුරුදු පනස් නවයක් පමණ වන මෙම හිමිනම මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇතැයිද පොලීසිය විශ්වාස කරයි.
ඝාතනයට ලක් වූ මෙම ස්වාමින් වහන්සේගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල ප්‍රධාන මාහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් ඊයේ (09) පෙරවරුවේ සිද්ධිය වූ ස්ථානයට පැමිණ පවත්වන ලදී.
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිණි ජානකී වරුෂවිතාණ ද එම ස්ථානයට පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණයට අදාල මූලික කටයුතු සිදුකර තිබේ.
වයස අවුරුදු පනස් නවයක් පමණ වන මෙම හිමිනම මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
සිද්ධිය වූ ස්ථානයට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හා අධිකරණ වෛද්‍ය නිලධාරිණිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණයේ මූලික කටයුතු සිදුකරන ලදී.
දකුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා විසින් මෙම ඝාතනයේ සුලමුල සොයා ගැනීම සදහා පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙයින් එක් කණ්ඩායමක් රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයා යටතේත් තවත් කණ්ඩායමත් ගාල්ල කොට්ඨාශ භාර අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාදිපතිවරයා යටතේත් යොදවා තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති රොෂාන් සිල්වා ප්‍රකාශ කළේය.
එයට අමතරව නියෝජ්‍යය පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්ද කොළඹින් ගෙන්වාගෙන පරික්ෂණ ආරම්බකර තිබෙන බවද දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලය කියයි.
ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද මෙම පරීක්ෂන සඳහා මැදිහත්ව කටයුතු කරන බව දකුණු පළාත් නියෝජ්‍යය පොලිස්පති කාර්යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

