2021ට අයවැය සම්මතයි

2021ට අයවැය සම්මතයි

2021 වසර සඳහා වන අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 97කින් අද(10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණි.

නොවැම්බර් 17 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ  විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ මෙරට 75වැනි අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම පසුගිය 21වැනිදා පැවැති අතර එය වැඩි ඡන්ද 99කින් සම්මත වූ අතර, ඉන්පසු නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 10වැනිදා දක්වා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්විණි.

ඒ අනුව මේ වසරේ අවසන් වරට පාර්ලිමේන්තුව අද රැස්වූ අතර මීළඟ සභා වාරය එළැඹෙන 2021 වසරේ ජනවාරි 5වැනිදා පැවැත්වීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න