ආණ්ඩුව විද්‍යාව වෙනුවට මිත්‍යාව කරපින්නාගෙන සිටින බවත් ඒ හරහා සමස්ත ජනවර්ගයාගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පැවසීය.
"ආගමික අයිතීන්ට ගරු කරනු" මැයෙන් බොරැල්ල ආදාහනාගාරය ඉදිරියේ පැවැති සාමකාමී විරෝධතාවයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නීති රෙගුලාසි මෙන්ම අපක්ෂපාතී කමිටු නිර්දේශ පවා ආණ්ඩුව නොතකා හරින බව පැවසූ ඔහු , මෙය ජාතියක හෝ ආගමක ප්‍රශ්නයක් නොවන බවද පැවසීය.
අද වනවිට ආණ්ඩුවේ නොපනත්කම් නිසා බෞද්ධයෙක් මියගිය විට මතක වස්ත්‍ර පූජාකොට පැන් වඩා අවසන් ගෞරව දැක්වීමට පවා අහිමිවී ගොස් ඇති බවත් ලොවුතුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල මෛත්‍රී භාවනාවෙහි භාවිතාව පවා ආණ්ඩුව නොතකා හැර ඇතැයිද පැවැසීය.

