ජනවාරි මාසයේ සිරිපා වන්දනාවේ නාවොත් හොඳයි - නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව

ජනවාරි මාසයේ සිරිපා වන්දනාවේ නාවොත් හොඳයි - නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව

එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටින බව වාර්තා වෙයි.

 ශ්‍රී පාද වන්දනා ආරම්භක සති කිහිපය තුළ බැතිමතුන්ගේ පැමිණීම දැඩි අවධානමක් පවතින බවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දෙසැම්බර් මාසයේ පොහෝ දිනයෙන් ඇරඹෙන සිරිපා සමයේ වන්දනාව සඳහා සහභාගී වන අතර එහිදී සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අසීරුවීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත. 
 
ඒ හේතුවෙන් එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස එම කමිටුව, ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව හරහා නිවේදනයක් නිකුත් කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර් පුෂ්පකුමාර  සඳහන් කර ඇත්තේ, වසංගත තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් පවතින බවය.

ඇතැම් ප්‍රදේශ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මැදිහත්වී සංචරණ සීමා පැනවීම ද සිදුකර තිබේ.

එම තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අදාළ අවසරය ලබා ශ්‍රී පාද වන්දනාවේ පැමිණිය ද පවතින අවධානම පහව නොයන බව දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව අවධාරණය කරයි.

 මේ වන විට දිවයින පුරා කොවිඩ් ආසාදිතයන් හමුවන තත්ත්වයක් මතුව තිබේ. හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන ආකාරයට 

අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 348 දෙනෙක් හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 38,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වාර්තා වු ආසාදිතයින්ගෙන් 276ක් මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 72ක බන්ධනාගාර කොවිඩ් පොකුරට අදාළව වාර්තා වෙයි.

IMG 20201223 WA0002

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න