සුගතදාසය පෞද්ගලීකරණයට ?

සුගතදාසය පෞද්ගලීකරණයට ?

ක්‍රීඩා සංකීරණයක් ලෙස මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉමහත් සේවයක් සැලසූ  සුගතදාස ක්‍රීඩා සංකීර්ණය පෞද්ගලික අංශයට එක්කිරීමේ සූදානමක් සම්බන්ධව තොරතුරු වාර්තා වෙයි.

ඒ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර එහි මෙසේ සඳහන් කර තිබේ. "සුගතදාස ක්‍රීඩාංගණය මෙරට ක්‍රීඩාවේ කේන්ද්‍රීය හා අද්විතීය ස්ථානයක්.නාගරික සංවර්ධන අධිකාරිය හා සුගතදාස ක්‍රීඩාංගන කළමනාකාරිත්වය මෙම ස්ථානය රාජ්‍ය හා පුද්ගලික හවුල්කාරිත්වය යටතේ වඩා තිරසර පැවත්මක් සඳහා තවදුරටත්  සංවර්ධනය කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වනවා."

namal fb
මෙතෙක් රාජ්‍ය ආයතනයක් ලෙස පැවති සුගතදාස ක්‍රීඩාංගනය සහ සමස්ථ ක්‍රීඩා සංකීර්ණය පෞද්ගලික අංශයේ සම්බන්ධය සමඟ ලාභ උපයන තත්ත්වයට පත්වනු අනිවාර්යයකි. මන්ද පෞද්ගලික අංශය වෙතින් රාජ්‍ය අංශය සේ නොමිලේ හෝ පාඩු පිට සේවා සැපයීමක් අපේක්ෂා කල නොහැකි නිසාය.
ඒ අනුව අප වෙත අදහස් දැක්වූ ජාතික මට්ටමේ ක්‍රීඩාවේ නියැලී ක්‍රීඩකයන් සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම සඳහන් කර සිටියේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය වෙතින් මෙතෙක් ලැබී ජාතික සේවය සම්බන්ධව අවධියෙන් සිටීමට සිදුවනු ඇති බවය.
ඔවුන් අවධාරණය කරන්නේ පෞද්ගලික අංශය සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ආයෝජනය කරන්නේ කවර කොටසකද යන්න සහ මෙතෙක් ලද සේවයට එයින් හානියක් නොවන බවට සහතිකයක් සැපයීමට ආණ්ඩුව කටයුතු කල යුතු බවය. නැතහොත් සුගතදාස ක්‍රීඩා සංකීර්ණය පෞද්ගලීකරණය කිරීමක් වැන්නක් සිදුවුවහොත් එයින් සිදුවන හානිය සුළුපටු නොවනු ඇති බවත් ඔවුන් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න