අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින්ම රට ස්වයං පෝෂිත කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු යැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසීය.
රත්මලානේ පිහිටි රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (23) එක් වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.
අලුත් රටට අලුත් බෙහෙත් සංකල්පය යටතේ රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අලුතින් නිෂ්පාදනය ඇරඹූ ෆ්ලුකොෂසිලින් (Flucloxacillin 500mg) ඹෟෂධ පෙති අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වමින් එළි දැක්වීම මෙයට සමඟාමීව සිදු විය. පිටරටින් ගෙන්වන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම මෙන්ම මේ රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම රට තුළම නිෂ්පාදනය විය යුතු බවට ආණ්ඩුව තරයේ විශ්වාස කරන බව ද අග්‍රමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා නව ඖෂධ නිෂ්පාදනගාරාය විවෘත කරමින් මෙසේ ද කීවේය,
විශේෂයෙන්ම 2012 වසරේදී තමයි අපිට මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අනුමැතිය ලැබුණේ. එදා මිලියන 4470ක් අපි මේ සඳහා වෙන් කරලා තිබුණා. ඖෂධ නීතිගත සංස්ථාවේ ධාරිතාවය දෙගුණයකින් ඒ නිසා වැඩි වෙලා තියෙනවා. ඉතිං ඒ නිසා මේ ආයතනයේ තියෙන වැදගත්කම මම මෙතන ඉන්න පිරිසට අලුතින් කියන්න අවශ්‍ය නැහැ.
නමුත් අපි දන්නවා අපේ සියයට 70%ක් වගේ ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් හා බංග්ලාදේශයෙන්. ඉතිං එහෙම අපි ගේනවා නම් අපිට තියෙනවා වගකීමක්, මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. අපිට ඒ සඳහා අවශ්‍ය ඥානය, බුද්ධිය තියෙන පිරිස් ඉන්නවා.
ඒ නිසා එවැනි අවස්ථාවකදී අපි ඥානයෙන්, බුද්ධියෙන් සේවයක් ලබා ගත යුතු යැයි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පැහැදිලිව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක්ම මේ රටේ නිෂ්පාදනය විය යුතුයි, ඒ වගේම පිටරටින් ගෙන්වන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතු යැයි විශ්වාස කරනවා. එහෙමනම් වෛද්‍ය අංශයෙන් වේවා, වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි.
අද මේ ආයතනයට ඇවිල්ලා නව ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකිවීම ගැන මම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපි අපේ රට හැම අංශයකින්ම ස්වයං පෝෂිත කරන්න ඕනි, ඒක අනුව තමයි අපිට අපේ අනාගතය ගැන බලාපොරොත්තු තියා ගන්න පුලුවන් කියලා මම විශ්වාස කරන්නේ.
ඹෟෂධ නිෂ්පාදන කලාපයක් හම්බන්තොට ආරම්භ කරන්න යනවා. මම දැන් ඒ ගැන ඇහුවා ලේකම් තුමාගෙන්. ඒක පිටරට යන පෞද්ගලික සමාගම්වලට විතරයි කියලා කිව්වා. හම්බන්තොටටත් ඹෟෂධ නිෂ්පාදන කලාපයක් අපි හදනවා නම්, ඒ පිළිබඳවත් මුල් පියවර තබන්න කටයුතු කළොත් තමයි වඩා හොඳ කියලයි මම විශ්වාස කරන්නේ. මොකද එහෙම මුල් පියවර තැබුවේ නැත්නම් කවුරුවත්, මං හිතන්නේ කොයි කලාපයක්වත් ආරම්භ කරන්න පුලුවන්කමක් නැහැ. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, සීතා අරඹේපොළ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් එස්.එච්.මුණසිංහ, රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

