රොහාන් පල්ලෙවත්ත සජිත්ට එක්වෙයි !

රොහාන් පල්ලෙවත්ත සජිත්ට එක්වෙයි !
සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත අද(24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  හමුවූ අතර සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තීන්දු කළ  බව එම පක්ෂය නිවේදනය කරයි.
 
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
 
බියගම නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩලය (BOI) අනුමත ආරම්භක උසස් තාක්ෂණික සමාගමක් වන ලංකා හාර්න්ස් (Lanka Harness) සමාගමේ විධායක සභාපති ලෙස රොහාන් පල්ලෙවත්ත   කටයුතු කරයි.
 
ලෝ ප්‍රසිද්ධ සුපිරි වාහන වන Toyota , Honda , Volvo , BMW , Aston Martin , Opel වැනි සි‍යලූම වාහන වල එයා(ර්) බෑග් සෙන්සර් නිෂ්පාදනය කරන්නේ ඔහුගේ  ආයතනය මගිනි.
 
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය, කැලණි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශේෂ උපාධිය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය, එංගලන්තයේ බෝල්ඩන් සරසවියේ ආචාර්ය උපාධිය ලබා ඇති ඒ මහතා කීර්තිමත් බුද්ධිමතෙකි.
 
  ඒ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත්වනු ඇති අතර සමගි ජනබලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙසද ඒ මහතාට වගකීම් පැවරේ. එමෙන්ම සමගි ජනබලවේගයේ වෘත්තියවේදී සංගමයේ ප්‍රධානියෙකු මෙන්ම,සමගි ජනබලවේගයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙසද ඒ මහතා ට වගකීම් පැවරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න