මෙරට සංචාරය සඳහා පැමිණි තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් ඒ අනුව වෛරසය ආසාදනය වූ සමස්ත යුක්‍රේන සංචාරකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
මේ පිරිස ලංකාව වෙත පැමිණියේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දියත් කළ අංගයක් ලෙසය.
මේ අතර ඊයේ (30) දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 639 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 42,702ක් දක්වා ඉහළ ගොස් ඇත.
සමස්ත ආසාදිතයින් ගෙන් දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව 7,884ක් වෙයි.


